කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ රබර් වගාව ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් තිබේ. අනුරාධපුර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිටත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, නාච්චාදූව, ඉපලෝගම, කහටගස්දිගිලිය, හොරොව්පොතාන, ගලෙන්බිඳුණුවැව ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් තුළ රබර් වගා ව්‍යාප්තිය සිදුකර ඇති බව අනුරාධපුර රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩබලන සම්බන්ධීකරණ නිලධාරි ආර්.පී.එන්.පී. දිසානායක මහතා සඳහන් කළේය. මේ යටතේ රබර් වගා කළ තලාව, වරාගොඩ බස්නායක මහතාගේ වගාවෙන් මාර්තු මස සිට කිරි කැපීම ආරම්භ කෙරේ. එහිදී කිරි කැපීම සඳහා ගස් ලකුණු කිරීම පසුගියදා සිදුකෙරිණි. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් රබර් සමග අතුරු භෝග වගාව සඳහා දායකත්ව මුදලක් වශයෙන් අක්කරයකට රුපියල් 9,000ක් බැඟින් ලබා දීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලබයි.
දිස්ත්‍රික්කය තුළ රබර් වගාවට කැමැත්තක් දක්වන පුද්ගලයන්ට ද රජයේ ඉඩම්වල වගා ව්‍යාපෘති ආරම්භ කළ හැකි අතර එලෙස තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයේ ඉඩම්වල රබර් වගාව සිදුකර තිබේ. මේ සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව පැළ ලබාදීම සිදු කරනු ලබයි. අදාළ අංශ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රබර් වගාව පිළිබඳ පරීක්ෂණ හා ව්‍යාප්තිය ආදිය සිදු කෙරේ.
අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ