වැලිමඩ – නුවරඑළිය මාර්ගයේ සිට රේන්දපොළ හන්දියෙන් ආරම්භ වන අඹේවෙල පට්ටිපොළ හරහා ලෝකාන්තය දක්වා වැටී තිබෙන මාර්ගයේ ඉදිකර තිබෙන පටු පාලම හේතුවෙන් බස් හා ලොරි රථ ධාවනයේදී තමන් මහත් අසීරුවට පත්වන බව රියැදුරෝ පවසති. අතීතයේ පැවති කුඩා රථවාහන ධාවනයට සුදුසු වන අයුරින් මෙම මාර්ගයේ ඉදිකර තිබෙන “කළු පාලම” නමින් හඳුන්වන ඉතා පටු පාලමක් මතින් වර්තමානයේදී විශාල බස් හා ලොරි වැනි වාහන ධාවනය කිරීමේදී රථවාහන රියැදුරන් දැඩි අපහසුතාවට පත්වේ.
මධ්‍යම පළාතේ සිට නුවරඑළිය ඔස්සේ හා බදුල්ල දිස්ත්‍රික්කයේ සිට වැලිමඩ හරහා අඹේවෙල සත්ත්ව ගොවිපළ, දේශීය කිරි නිෂ්පාදනාගාරය සමඟ පට්ටිපොළ හා ලෝකාන්තය ඇතුළු දර්ශනීය ස්ථාන කරා යෑමට සංචාරකයන් හා පාසල් ළමුන් ඇතුළු දේශීය සංචාරකයන්ද මෙම මාර්ගය භාවිත කෙරේ. මෙම සංචාරකයන් රැගෙන එන බස් රථ සහ මෙම මාර්ගයේ ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථද මෙම පාලම මතින් රැගෙන යෑමේදී රියැදුරන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. එසේම මෙම පටු පාලමේ පිවිසුම ආසන්නයේ ඇති පාලමේ ආරක්ෂිත ඇඳි අබලන්ව ඇති බවත් ජනතාව පවසති.
එම නිසා මෙම පටු පාලම වෙනුවට කාලයට උචිත ලෙසින් පළලින් යුතු ආරක්ෂිත නව පාලමක් ඉදිකර දෙන ලෙසට රථවාහන රියැදුරන් රජයේ වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
වැලිමඩ සමූහ – කේ.ආර්.ආර්. රාජමන්ත්රී