Home » සිමෙන්ති ලොරියක් පාරෙන් ඉවතට පැන නිවෙසක මිදුලට පෙරළිලා

සිමෙන්ති ලොරියක් පාරෙන් ඉවතට පැන නිවෙසක මිදුලට පෙරළිලා

by sachintha
February 26, 2025 1:10 am 0 comment

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ දී සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබුණු ලොරියක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී නි‍ෙවසක මිදුලකට පෙරළී ඊයේ (25) උදෑසන අනතුරක් සිදුව තිබෙන බව පොලීසිය පවසයි. අනතුර හේතුවෙන් ලොරි රථයට සහ ප්‍රවාහනය කරමින් තිබුණු සිමෙන්ති තොගයට දැඩි අලාභ හානි සිදුව තිබේ. අනතුර සිදුවනවිට ලොරි රථයේ තිදෙනකු ගමන් කර ඇත. ඔවුන්ට හානියක් සිදුව නොමැති බව ද පොලීසිය පවසයි. කොළඹ සිට වැල්ලවාය ප්‍රදේශය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරියක් මෙලෙස පෙරළී තිබේ.

රියැදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට පොලීසිය සැකකරන අතර, පින්නවල පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.

බළන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT