Home » පයින් ගිය කතුන් දෙදෙනා පෞද්ගලික බසයේ ගැටිලා අයෙක් මරුට අනෙක් කත රෝහලේ

පයින් ගිය කතුන් දෙදෙනා පෞද්ගලික බසයේ ගැටිලා අයෙක් මරුට අනෙක් කත රෝහලේ

by sachintha
February 26, 2025 1:54 am 0 comment

බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ දී පෙරේදා (24) පස්වරුවේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු පෞද්ගලික බස් රථයක ගැටීමෙන් එක් කාන්තාවක මියගොස් අනෙක් කාන්තාවට බරපතළ තුවාල සිදුව ඇතැයි ඇල්ල පොලීසිය සඳහන් කළේය. එම අනතුරින් මියගොස් ඇත්තේ 49 හැවිරිදි ටී.එම්. අයිරාංගනි මානෙල් ජයරත්න නමැති කුඩුගල්පතන, හෙළහල්පේ, බණ්ඩාරවෙල ලිපිනයේ පදිංචිව සිටි තිදරු මවක බව ද පොලීසිය පවසයි.

බදුල්ල සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ මෙම බස් රථය පස්වරු 5.45ට පමණ හල්පේ ඉන්ධන පොළ පසුකරමින් කුඹල්වෙල දෙසට ගමන් කරමින් තිබියදී මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටි මෙම කාන්තාවන් දෙදෙනාගේ ඇඟේ හැපීමෙන් අනතුර සිදුව ඇතැයිද වාර්තා වේ. අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා දෙමෝදර රෝහලට රැගෙන යාමෙන් අනතුරුව එක් අයෙකු මියගිය බව ද පොලීසිය පවසයි. අණතුරින් පසු බස්රථයේ රියැදුරු ලෙස කටයුතු කළ රත්නපුර පරකඩුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කළේය.

මියගිය කාන්තාවගේ මෘතදේහය දේමෝදර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ඇල්ල පොලීසිය මඟින් සිදුකරන බව ද පොලීසිය පවසයි.

බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන

සොරණාතොට සමූහ – සී.ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT