Saturday, April 19, 2025
Home » දූෂණ විරෝධී ආණ්ඩුවක් ලෙස බලයට ආවත් දූෂිත කටයුතුවලට ඉඩදීම ගැටලුවක්

දූෂණ විරෝධී ආණ්ඩුවක් ලෙස බලයට ආවත් දූෂිත කටයුතුවලට ඉඩදීම ගැටලුවක්

-මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

by sachintha
February 26, 2025 2:35 am 0 comment

දූෂණ විරෝධී ආණ්ඩුවක් ලෙස බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දූෂිත කටයුතු කිරීමට ඉඩදීම ගැටලුවක් බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවසීය.

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“පසුගිය දා රේගුවේ තිබූ කන්ටේනර් 323ක් නීති විරෝධී ලෙස නිදහස් කර තිබූණා. ඒවායේ තිබුණේ කුමක්ද යන්න දැනුම් දෙන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක බය නැතිව ඔවුන්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. මේ රට දියුණු ආර්ථිකයක් කරා ගෙන යෑමට ජේ.ආර්. ජයවර්ධන මහතා කටයුතු කළා. පසුගිය ආණ්ඩු සියල්ලක්ම ජේ.ආර්. මහතාගේ ප්‍රතිපත්ති අනුගමනය කළා. පෞද්ගලීකරණයට, විදේශීය ආයෝජනයන්ට විරුද්ධව සිට දැන් ආණ්ඩු බලය ලබාගෙන සිටින මේ පිරිස දැන් ඒවාට එකඟතාව පළ කරනවා. කිසිදු ලැජ්ජාවක් නැතිව අද ඒ දේවල් කරනවා. ආණ්ඩුවේ කාලය මාස පහක් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කර නැහැ. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව ආණ්ඩුව කීවා. රුපියල් 15,750ක් මූලික වැටුපට එක් කරනවා කියලා ආණ්ඩුව කියනවා. වැඩිම වැටුප් වැඩිවීම ලෙස සියයට 107කින් වැඩි කිරීම සිදු වුණේ යහපාලන ආණ්ඩුව කාලයේ. සියයට 40ක දීමනාවක් පොලිස් නිලධාරීන්ට අපි ඒ කාලයේ දුන්නා. මේ ආණ්ඩුව දැන් කර තිබෙන්නේ එය සියයට 22කින් අඩු කර තිබෙනවා. දීමනා සියල්ල අඩු කර සොච්චමක් වැටුප් වැඩි කර තිබෙනවා. අප්‍රේල් මාසයේ වැටුප අතට එන තෙක් රජයේ සේවකයන් බලා සිටිනවා. එතකොට මේ ආණ්ඩුවේ තරම ජනතාවට තේරෙයි.

මේ රටේ සෑම ගොවියකුටම රුපියල් 1500කට පොහොර මිටියක් ගත හැකි ලෙස පොහොර සහනාධාරයක් අපි දුන්නා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT