187
වියළි කාලගුණයත් සමග ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා මතුව තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේන මහතා පැවසුවේ, මේ හේතුවෙන් රත්මලාන, පිළියන්දල, මොරටුව, පානදුර ආදී ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.
වියළි කාලගුණයත් සමග ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති දීප්ති සුමනසේන මහතා ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි.