Sunday, April 20, 2025
Home » ‘ශ්‍රී ලංකා ආයුර්වේද සතිය’ තායිලන්තයේදී

‘ශ්‍රී ලංකා ආයුර්වේද සතිය’ තායිලන්තයේදී

by sachintha
February 26, 2025 2:46 am 0 comment

ශ්‍රී ලාංකේය දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම අන්තර් ජාතික මට්ටමට රැගෙන යාමේ අරමුණ ඇතිව “ශ්‍රී ලංකා ආයුර්වේද සතිය” සංවිධානය කිරීමට තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නිත්‍ය දූත මණ්ඩලය සහ හෝටල් සමඟ සහයෝගයෙන් බැංකොක් හි පිහිටි අනන්තාරා සියම් හෝටලයේ දී මෙම ශ්‍රී ලංකා ආයුර්වේද සතිය සංවිධානය කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. සතියක් පුරා පවත්වා තිබෙන මෙම උත්සවය ආයුර්වේදයේ පුරාණ හා පරිපූර්ණ සුව කිරීමේ පිළිවෙත් ඉස්මතු කර තිබෙන අතර, තායි ගනුදෙනුකරුවන්ට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සුවතා ප්‍රතිකාරවල චිකිත්සක ප්‍රතිලාභ අත්විඳීමට ද අවස්ථාව ලබාදී තිබේ. මේ අවස්ථාවට සහභාගිවන්නන් සඳහා වටිනා අත්දැකීමක් සහතික කරමින්, තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය කසුන් ගුණවර්ධන මහතාට ආරාධනා කරන ලද අතර, ඒ මහතා සතිය පුරා උපදේශන මෙහෙයවා ඇත. සහභාගිවන්නන්ට ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතාවලට ගැලපෙන ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ ප්‍රතිකාර පිළිබඳ වටිනා අවබෝධයක් ලබාදී ඇත. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවක කොටසක් ලෙස මෙම ශ්‍රී ලංකා ආයුර්වේද සතිය පවත්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT