Home » පක්ෂ-පාට භේද නොසලකා වංචා දූෂණ සොයන්න

පක්ෂ-පාට භේද නොසලකා වංචා දූෂණ සොයන්න

-මන්ත්‍රී මුජිබුර් රහුමාන්

by sachintha
February 26, 2025 2:40 am 0 comment

වංචා දූෂණ සොයන විට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා කරන වංචා දූෂණ සෙවිය යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවසීය.

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින් මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

ඉන්න හිටින්න රටක් හදන්න පැමිණි ගෝඨාභය මහතාට යන්න එන්න රටක් නැතිව ගියා. මහින්ද රාජපක්ෂ මහතාට ලියුමක් එවන්න කියනවා නිල නිවසින් යන්න. නමුත් ආණ්ඩුව ලියුම යවන්නේ නැහැ. ගමෙන් ලියුමක් එනකන් බලා ඉන්නවා වගේ මේ දවස්වල මහින්ද රාජපක්ෂ මහතාත් නිල නිවසින් යන්න ආණ්ඩුවෙන් ලියුම එනකක් බලා ඉන්නවා. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හදලා තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. අද උදේ අගමැතිවරිය කියනවා අලුත් දිශානතියකට අය-වැය ගෙන යනවා කියලා. පසුගියදා මහ බැංකු අධිපති නන්දලාල් මහතා කියනවා දිශානතිය වෙනස් වෙලා නැහැ කියලා.

දූෂණ සොයන බවට ආණ්ඩුව ප්‍රකාශ කළා. එය කළ යුතුයි. මේ දූෂණ වංචා සෙවීම සඳහා තිබෙන නීති මදි නම් තවත් නීති ගේන්න. ඒ අතරම ආණ්ඩුවෙන් කරන වංචා දූෂණත් සොයන්න. ඒවාටත් ෆයිල් විවෘත කරන්න. තමන් සමඟ ගනුදෙනු කරන අයගේ හොර වංචා යට ගහන්න හදන්න එපා. හැම කෙනාගේම වංචා දූෂණ සොයන්න.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT