Home » ආධ්‍යාත්මික විමුක්තියෙන් සාමය-ශාන්තිය උදා වේවා

ආධ්‍යාත්මික විමුක්තියෙන් සාමය-ශාන්තිය උදා වේවා

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
February 26, 2025 2:37 am 0 comment

බහුආගමික බහුජාතික රටක් ලෙස වාර්ගික, ආගමික, සංස්කෘතික, විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හඳුනා ගැනීමට මහා ශිව රාත්‍රී දින සිහිපත් කරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහා ශිව රාත්‍රී දින සුබපැතුම් එක් කරමින් කියා සිටී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මහා ශිව රාත්‍රී දින සුබපැතුම් පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් යොමු කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් කොට සලකමි. ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යයක් වන මෙහිදී හින්දු බැතිමතුන් රාත්‍රියේ නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයේ නිරත වේ. ශිව දෙවියන්ගේ මංගල්‍යය සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝකවාසී ජනතාව තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති කරවන අතර අවංක බව, ත්‍යාගශීලී බව සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංගයන් අනුව ජීවත් වීමට ලෝකවාසී ජනතාවට ආරාධනා කිරීම ද සිදු වේ.

රටක් ලෙස අප ද මෙකී ගුණයන් මත පිහිටා කටයුතු කිරීමෙන් මෝහාන්ධකාරය දුරුකර ප්‍රඥාවේ ආලෝකයෙන් ඒකලෝක වී පවතින බංකොලොත්භාවයෙන් මිදී සාමය, සමෘද්ධිය, සහජීවනය, සංහිඳියාවෙන් උදා කරගත හැකි බැව් මාගේ විශ්වාසයයි. එය අප රටේ ඉදිරි ගමනට ද විශාල පිටුවහලක් වන බව නොඅනුමානය. බහුආගමික බහුජාතික රටක් ලෙස වාර්ගික, ආගමික, සංස්කෘතික, විවිධත්වය තුළ පවතින සුන්දරත්වය මෙන්ම අගය හඳුනා ගැනීමට මෙදින අප සිහිපත් කරගත යුතුය. එබැවින් මහා ශිව රාත්‍රී දිනය සමරන සහෝදර හින්දු ජනතාව මෙන්ම සකළ ලෝකවාසී ජනතාව ප්‍රාර්ථනා කරන පරිදිම, ආධ්‍යාත්මික විමුක්තිය තුළින් සාමය සහ ශාන්තිය උදාවේවා කියා ප්‍රාර්ථනා කරමි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT