Home » ‘ජාතික ආරක්ෂාව අනතුරේ’ වැරදි මතයක් ජනමාධ්‍යයේ

‘ජාතික ආරක්ෂාව අනතුරේ’ වැරදි මතයක් ජනමාධ්‍යයේ

-කැබිනට් ප්‍රකාශක

by sachintha
February 26, 2025 2:35 am 0 comment

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර පවතින ගැටුම් පදනම් කරගෙන ‘ජාතික ආරක්ෂාව අනතුරේ’ යනුවෙන් ප්‍රචාරක ව්‍යාපාරයක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මේ දිනවල අඛණ්ඩව විපක්ෂයේ දේශපාලකයන් විසින් පාර්ලිමේන්තුවේදී ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරන බව ද හෙතෙම කීවේය.

පාර්ලිමේන්තුවේ සිදු කරන එම ප්‍රකාශ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවමින් රටේ ගැටලු නිර්මාණය කිරීමට මෙම පිරිස් උත්සාහ කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT