Monday, April 21, 2025
Home » උඩරට දුම්රිය මාර්ගය දෙපස මහරත්මල් පිපිලා

උඩරට දුම්රිය මාර්ගය දෙපස මහරත්මල් පිපිලා

by sachintha
February 26, 2025 1:37 am 0 comment

සෑම වසරකම පෙබරවාරි – මැයි මාසවලදී ශීත දේශගුණයක් පවතින හෝර්ටන්තැන්න ඇතුළු උඩරට දුම්රිය මාර්ගය දෙපස මහරත්මල් පිපී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික මහරත්මල් ශාඛය – Rhododrendran Arbareum Var Zeylanicum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන අතර, මහරත්මල රත්පැහැ මල් පොකුරු වශයෙන් ශාකයේ අතු අග හටගනී.

ඖෂධ වශයෙන් ගුණ ඇති මෙම මල සතියක පමණ කාලයක් තිබී පරවී යන බවත් ඉන්දියාවේ මේ මලින් බීම, වයින්, ජෑම්, සෝස් නිෂ්පාදනය කරන බව ද ඔවුන් පවසයි.

වනයේ පිපී තිබෙන මහරත්මලට මීමැස්සන්, බඹරුන්, දෙබරුන් ඇතුළු පක්ෂීන් නිතර පැමිණ පැණි උරා බීමත් සමඟ මුළු පරිසරයටම සුන්දරත්වයක් එකතු කරයි.

ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT