Home » කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහළට
කඳුකරයටත් තද පෑවිල්ල:

කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහළට

by sachintha
February 26, 2025 1:59 am 0 comment

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසින බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති. ඊයේ (25) උදෑසන 6.00 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 18කින් සහ කාසල්රී ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 22කින් පහළ බැස ඇතැයි ඉංජිනේරුවෝ පවසති.

ජලාශවල ජල මට්ටම අඩුවීමත් සමඟ ජලාශ ඉදි කිරීමේදී ජලාශයට යට වූ පැරණි ගොඩනැඟිලිවල නටබුන් මතුවෙමින් පවතින අතර වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලි උත්පාදනයට බාධා එල්ල විය හැකි බව ද විදුලි බලාගාර ඉංජිනේරුවෝ අවධාරණය කරති. කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලයෙන් විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලිය උත්පාදනය සිදුවේ. එම ජලාශවල ජල මට්ටම අඩුවීමත් සමඟ කැලණි ගගේ ජල මට්ටමද පහළ බැස ඇති බවද වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ නිලධාරින් පැවසීය.

නෝර්වුඩ් සමූහ රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT