“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක “පිරිසුදු වෙරළ තීරයක්-ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” වැඩසටහන යටතේ දකුණ, උතුර, වයඹ සහ උතුරු මැද නාවික විධාන මඟින් සිදු කෙරුණු වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහන් මාලාවක් සඳහා පසුගිය 22 සහ 23 දෙදින ප්‍රජා සත්කාර දායකත්වය ලබාදීමට නාවික හමුදාව කටයුතු කළේය.
ඒ අනුව මේ ප්‍රජා සත්කාරක දායකත්වය යටතේ මේ මස 22 වැනි දින දකුණු නාවික විධානය මඟින්, ගාල්ල කොටුපවුර ආශ්‍රිත වෙරළ තීරය, ගොඩවාය ධීවර වරාය අවට වෙරළ තීරය සහ දොඩම්දූව වෙරළ සිට රජ්ගම දක්වා වූ වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමටත්, නිසි ලෙස පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමටත් කටයුතු සංවිධාන කෙරිණි.
මේ මස 23 වැනි දින උතුරු නාවික විධානය මඟින් කන්කසන්තුරය, පේදුරුතුඩුවේ සිට සක්කොටේ දක්වා, මාදගල්තුරෙයි සිට කුසුමන්තුරෙයි, තිරවාඩු සිට සවුක්කාඩි දක්වා, කෝවිලන් ප්‍රදීපාගාරය අවට, සාඩි, පඩිතිරිප්පු, කිලාලි, විනයාසෝඩි සිට කේ පොයින්ට් දක්වා, මානල්අඩි, මනත්කාඩු, වෙරළ තීර ආශ්‍රිතවත්, වයඹ නාවික විධානය මඟින් මුල්ලිකුලම්, හුනයිස්නගර් සිට කරදක්කුලිය, කල්ලාරු, තුඩාව, ආනවාසල, කලාඔය, දියපැන්නුම, පුත්තලම කලපුව ආශ්‍රිතවත් සහ උතුරු මැද නාවික විධනය මඟින් ඌරුමලේ, පරණ පාලම, පියරගම, කීරි, තාල්පාඩු, පේසාලෙයි, වංකාලේ වලෙයිපාඩු සහ ඉලුප්පුකඩවායි වෙරළ තීරයන් පිරිසුදු කර, එම වෙරළ තීර ආශ්‍රිතව විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයෙන් ඉවත් කිරීමටත්, නිසි ලෙස පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමටත් කටයුතු කෙරිණි.
මේ ප්‍රජා සත්කාරක වැඩසටහනට රාජ්‍ය අයතන, යුද්ධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව සහ ජනතාවගේද දායකත්වය හිමි විය.
රක්ෂණ ශ්‍රියන්ත