Wednesday, March 26, 2025
Home » නාමල් රාජපක්ෂව CID යට කැඳවයි

නාමල් රාජපක්ෂව CID යට කැඳවයි

by chanaka
February 26, 2025 8:03 am 0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධව කරුණු විමසීමට රාජපක්ෂ මහතා මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන්යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධව ප්‍රකට ව්‍යාපාරිකයකු පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලදී.

එම ප්‍රකාශයට අනුව ගුවන් යානා මිලදී ගැනීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව හෙළිවී තිබෙන අතර නාමල් රාජපක්ෂ මහතාගෙන් ඒ පිළිබඳව ද වැඩිදුර කරුණු විමසීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT