කියවීමෙන් මිනිසාගේ මනස පෑදෙන බව හා බුද්ධිමත්භාවයට පත් වන බව කොයි කවුරුත් පිළිගන්නා සත්‍යයක් වුවත්, එය අද කොතෙක් දුරට සාක්ෂාත් වී ඇත්ද යන්න පිළිබඳව අප විමසිල්ලෙන් සිටිය යුතුය. වයස අවුරුදු 5 ඉක්මවූ සහ අවුරුදු 20 – 25 අතර වයස් කාණ්ඩයන්ගෙන් යුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වැඩි පිරිසක් අද කියවීමට නැඹුරුවීමට දායක නොවීම ජාතියට වන අසාධාරණයක් බව මෙහිලා සඳහන් කර සිටිමි. මෙම තත්ත්වයෙන් බොහෝදුරට විද්‍යමාන වන්නේ වැඩිදුරට දිළිඳු පවුල්වල මෙන්ම එයට පරිබාහිරව මධ්‍යම හා උසස් පන්තිවල පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද නොසිටිනවාම නොවේ. මෙවන් තත්ත්වයක් යටතේ මෙම ක්‍රියාදාමයන් සක්‍රියව එක දිගටම ක්‍රියාත්මක වුවහොත් ඔවුන් අයාලයේ යෑම නැවැත්වීමට ඉතා අපහසු තත්ත්වයක් උද්ගත වනු ඇත.
හොඳ අධ්‍යාපන පසුබිමක් තිබෙන මාපිය සහෝදර සහෝදරියන් සමඟ වූ පවුලක නම් ඔවුන් සෑම විටම උත්සාහ ගන්නේ තමන්ගේ අධ්‍යාපන මට්ටමටත් වඩා ඉහළ මට්ටමකින් තම දුව, පුතා, සහෝදර සහෝදරියන් ඔසවා තැබීමටය. මේ සඳහා මෙවලමක් ලෙස කුඩා අවදියේ සිටම කියවීම සඳහා යොමුකළ හොත් ඔවුන් හොඳ අධ්‍යාපනයකට නැඹුරුවීම නිරායාසයෙන්ම සිදු වනු ඇත. දැනට සෑම නගරයකම පාහේ ඒ ඒ පළාත් පාලන ආයතන මඟින් හෝ වෙනත් ස්වෙච්ඡා සංවිධානවලින් පාලනය වන මහජන ශාඛා පුස්තකාල පිහිටුවා ඇති අතර, එමඟින් පුස්තකාල සේවාව ප්‍රයෝජනයට ගනිමින් කියවීමට හුරුකිරීමේ මාවත විවෘතකොට ඇතත් ඉන් ප්‍රයෝජන ගන්නේ අතළොස්සක් දෙනා බව පවසන්නේ ඉතාමත් දුක්බර සිතිනි. මෙවන් තත්ත්වයක් යටතේ තමන්ගේ අගනා කාලය අපතේ හරිනවා පමණක් නොව කියවීමට ඇති ඉඩ ප්‍රස්ථාව නැතිකර ගනිමින් කියවීමට ඇති ආශාව මනසට කාවැද්දීමට ඇති අවස්ථාව එමඟින් තවදුරටත් ඈත්වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කියවීම තම සිතට කාවදැද්දීම තුළින් තමන් නොදන්නා දැනුම් සම්භාරයක් කියවීම ජීවිතයට එකතු කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත. මෙමඟින් නිවැරදි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකියාව ඇති වන අතර ඔවුන්ගේ අනාගත ජීවිතය ද සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
තවද තමන්ගේ නිවෙස තුළින් මෙම කියවීම කෙරෙහි ළමුන් හුරුකිරීමට එයට අත්වැලක් ලෙස මවුපියන්ට මෙන්ම වැඩිමහල් හොඳ සාර්ථක අධ්‍යාපනයක් ලද වැඩිමහල් සහෝදර සහෝදරියන්ට වැඩපිළිවෙළක් සැකසීමට හැකියාව ඇත. මේ සඳහා කුඩා ප්‍රමාණයේ ගෘහස්ථ පුස්තකාලයක් නිවෙසේ ඉඩ ඇති පරිදි ස්ථාපිත කළ හැකි අතර එම කුඩා පුස්තකාලය සඳහා අවශ්‍ය පොත් පත් ඒ ඒ අංශ වෙනුවෙන් හැකි අවස්ථාවන්හිදී මිලදී ගෙන හා හුවමාරුව යටතේ ලබා ගෙන පරිහරණය කිරීමට අවස්ථාව සලසා දිය හැකිය. මෙම ගෘහස්ථ පුස්තකාලය ආරම්භයේදී ඉඩ ප්‍රමාණය පොත් රාක්ක 2 – 3 කින් සමන්විත විය යුතු අතර අඩි 4 – 5 ප්‍රමාණයෙන් සකසා ගත හැකිය. මා දන්නා තරමට මෙවැනි ගෘහස්ථ පුස්තකාල සකසා ඇති නිවෙස් ඇති අතර ඒ නිවෙස්හි අධ්‍යාපනය ලබන ළමුන් යම්කිසි උසස් අධ්‍යාපන මට්ටමකින් තම අධ්‍යාපනය ස්ථාවරව පවත්වාගෙන යන බව එක් කරුණකි. මෙම පොත් පරිහරණය කිරීම සඳහා ඔවුන්ට තමන්ගේ විවේක කාලවලදී නිසි කාලරාමුවක් යටතේ කියවීමේ ක්‍රියාදාමයට අවතීර්ණ විය හැකිය.
මෙවන් තත්ත්වයක් යටතේ මවුපියන් වැඩිමහල් සහෝදර සහෝදරියන් සිටින පවුල්වල තම දුව, පුතා, සහෝදර, සහෝදරියන් කියවීමට නැඹුරු කරවීමට උත්සාහ කළ යුතු අතර ඔවුන් නිකරුණේ ගත කරන කාලය අවමකොට යහපත් මාර්ගයකට පිවිසිය හොත් ඔවුන්ගේ අනාගතය සුවිශේෂි ස්ථානයකට පිවිසීමට හැකි වනු ඇත.
එම්.ඒ. ජයවීර
ඕකන්ද, අම්බලන්ගොඩ