Tuesday, April 22, 2025
Home » මහවැලි නිවාස විනාශවෙලා

මහවැලි නිවාස විනාශවෙලා

by sachintha
February 26, 2025 1:47 am 0 comment

මහවැලි අධිකාරය මඟින් ගිරාඳුරුකෝට්ටේ නගරය ආසන්නයේම ඉදිකර තිබෙන මහවැලි ගොඩනැඟිලි රාශිය අතුරින් මේ වන විට හොඳ

මට්ටමේ පවතින එකම ගොඩනැඟිල්ලක්වත් දැක ගැනීමට නොහැකි තරම්ය.

එසේම එම ගොඩනැඟිලි අවට බිම් සියල්ලම වල් බිහිවී ගොසිනි. මේ ව්‍යසනයන් එකවිටම සිදු වූ ඒවා නොවන බව සාමාන්‍ය ජනතාව පමණක් නොව මහවැලි නිලධාරීන් පවා හොඳින්ම දනිති. රටේ අභාග්‍ය වන්නේ නිලධාරීන් මෙම ජාතික සම්පත් විනාශ වෙමින් පවතින අයුරු දැක දැකත් ජනතා බදු මුදලින් වැටුප්, දීමනා සහ වෙනත් විවිධ පහසුකම්ද ලබා ගනිමින් ගොළුවන් අන්ධයන් මෙන්ම බිහිරන්ද ලෙස ගෙන ගිය ක්‍රියාකලාපයයි. දැනට පවතින්නේද එම ක්‍රියාකලාපයම බවත් පෙනෙන්නට තිබේ.

තව ඉතාමත්ම සුළුකාලයක් තුළදී මේවා නැත්තටම නැතිවනු ඇත. ඉතා සුළු මුදලකින් පවා සකස් කරගතහැකි ගොඩනැඟිලි ද මේ අතර ඇති බව පෙනේ. මේ වන විට මෙම ගොඩනැඟිලිවල වගකීම් කවර අයෙකුට පවරා ඇත්දැයි හරිහැටි දන්නා අයෙක්වත් නොමැති ගාණට වැටී තිබේ. විටින්විට ජනමාධ්‍ය හරහා ජාතික මට්ටමෙන්ද ගොවි සංවිධාන මට්ටමින් මහවැලි ඉහළ නිලධාරි කණ්ඩායම් ද දැනුම්වත් කර ඇති වාර බොහොමයකි.

මුල් පියවර ලෙස අවම වශයෙන් මේ ගොඩනැඟිලි ආශ්‍රිත වල්වැදී ඇති බිම් ශුද්ධකොට වගා කටයුතුවලට යෙදවීමටවත් මහවැලි නිලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බවත් මෙම ඉරණමට පත්ව ඇති සියලුම ගොඩනැඟිලි පිළිබඳ විධිමත් හඳුනාගැනීම් ද සිදුකොට සුදුසු පරිදි ඵලදායී කටයුතුවලට යොදාගැනීමට මහවැලි නිලධාරීන්ගේ අවධානය යොමු කළයුතු බවටද ජනතාව පෙන්වා දෙති.

මෙසේ විනාශ වෙමින් පවතින්නේ ජනතාව සතු සම්පත් බවත් මෙම ඉදිකිරීම් සඳහා වැය කරන ලද ණය මුදල් සඳහා රටේ ජනතාව තවමත් ණය ගෙවමින් සිටින බවද මතක් කළ යුතුව ඇත. මෙවැනි මහවැලි නිවාස 200ක් පමණ ගිරාඳුරුකෝට්ටේ මහවැලි කොට්ඨාසය තුළ පවතින බවද දැකගත හැකිය.

ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස

සමරගුණරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT