248
අදට (26 ) යෙදී තිබෙනි මහා ශිව රාත්‍රී දිනය නිමිති කොටගෙන කතරගම පුද බිමට දෙස් විදෙස් බැතිමතුන් රාශියක් පැමිණ ආශිර්වාද ලබා ගත් බව අප වාර්තාකරුවන් පවසයි.
පැමිණි බැතිමතුන් කතරගම දෙවියන් වෙත පුද පුජා තබා කාවාඩි නටා දෙවියන් පුදන අයුරු දැක ගත හැකිවිය.
කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් සදහා අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති අතර කතරගම පොලිසිය ද විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.