පාරම්පරික, දේශීය ඥානය ආර්ථික අර්බුද මැදින් ඉදිරියට ගමන් කිරීමෙහිලා උපාය මාර්ගිකව වැදගත්වන අයුරු පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහිස් මහතා දක්වන අදහස් ඇසුරෙන් මේ ලිපිය සැකසිණ.)
ලෝකයේ විද්‍යාවන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තිබෙනවා. එකක් ස්වභාවික විද්‍යාවයි. අනෙක සමාජයීය විද්‍යාවයි. ස්වභාවික විද්‍යාවන්ට භෞතික, රසායන, ජීව විද්‍යා ආදිය අයත් වෙනවා. ස්වභාවික විද්‍යාව ප්‍රධාන වශයෙන්ම ස්වභාව දහමට පදනම් වෙනවා. ඒ මතින් තමයි ඒවා හට ගන්නේ. භෞතික විද්‍යාව ආරම්භ වන්නේත් ස්වභාව දහමෙන්. වාතය, තාපය, පීඩනය ආදිය ස්වභාව දහමෙන් ඇරඹෙනවා. අනෙක් අතට රසායන විද්‍යාව ගත් විටත් එය එසේමයි. ඒ, ශාකවල ඇති දේ, ජලයේ සාන්ද්‍රණය, සර්ප විෂ ආදිය සැලකිය හැකියි. වෛද්‍ය විද්‍යාව ගත් විටත්, එක් මිනිස් සිරුරක් වෛද්‍ය විද්‍යාල දහසකට වඩා වටිනා බව කවුරුත් පිළිගන්නා කියමනක්. වෛද්‍ය පීඨ දහසකටවත් එක් මනුෂ්‍ය සිරුරක් නිර්මාණය කරන්නත් බැහැ. ඒ තබා රුධිරය වත්, ඩී.එන්.ඒ කෘත්‍රිමව නිපදවීමට ඊට තවමත් හැකියාවක් ලැබී නැහැ.
අනෙක් අතට සමාජයීය විද්‍යාව සලකා බැලිය හැකියි. ආර්ථික, දේශපාලන විද්‍යාව නීතිය ආදිය ඊට අයිතියි. ඒ හැම එකකම අන්තර්ගත වෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න, ගැටලු විසඳන ක්‍රමයි. ඊට අවශ්‍ය පදනම සපයන්නේ මිනිසුන්මයි. ඒ අනුව සාමාන්‍ය මිනිසුන්ගේ අත්දැකීම් එකතු කළ විට අප ඊට ‘දත්ත’ කියනවා. ඒවා විශ්ලේෂණය කළ විට ‘සංකල්ප’ කියනවා. ඒ සංකල්පම න්‍යාය කියලා අපි පොතක, පුස්තකාලයක ගබඩා කරනවා. ඒ අනුව අපි වෙනත් භෞතික දේ ගබඩා කරනවා වගේ පොත්වල, පුස්තකාලවල ගබඩා කරන්නේත් සාමාන්‍ය මිනිසුන්ගේ අත්දැකීම්මයි. ඒකට විද්‍යාව කියනවා.
ඇත්තෙන්ම දැනුම කියන එක පද්ධතියක් පැමිණෙන්නේ හරහා යි. ඒ කියන්නේ ඒක කාටවත් අයිති කර ගන්න බැහැ. ඒක එක තැනක නැහැනේ. විශාල පරාසයක පැතිරුණු එකක්. මිනිස්සු තමයි එදිනෙදා දේශීය දැනුම උත්පාදනය කරන්නේ. එයට විද්‍යාත්මකව, මානව වංශ ක්‍රමවේදය කියනවා. නිදසුනකින් පැහැදිලි කරනවා නම්, ආර්ථික, සමාජ, දේශපාලන න්‍යාය ආකස්මිකව එහෙමත් නැතිනම් අහසින් කඩාපාත් වූ ඒවා නෙවෙයි. මිනිස්සු ළඟ තිබුණු ඒවාම තමයි. ඉස්සර මිනිස්සු මාළුවෙක් අල්ලා ගෙන අමුවෙන්ම ඒක ආහාරයට ගත්තා. අද මාළු අල්ලන් ගිහින්, සුද්ද කරලා, අගය එකතු කිරීම් කරලා, ටින් මාළු විදියට පරිභෝජනයට ගන්නවා නම්, එතැන දියුණුවක් දක්නට පුළුවන්. එය හුදෙක්ම ඉබේ නොවන දෙයක්. සමාජයීය කතිකාවන් හරහායි ඒ දැනුම සම්පාදනය වෙන්නේ. පාරම්පරික සමාජයක වූ සොබාදහම හා සමාජ පද්ධතිය දෙකේ ගැටීමේ ප්රතිඵලයෙනුයි දැනුම උත්පාදනය වෙන්නේ. දැනුම, විද්‍යාව කියන්නේ එක්තරා විදියකට ඔප්පු කළ හැකි දෙයක්. ඩෙරිඩාගේ විසංයෝජනන සංකල්පයෙන් නූතන විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි දැනුම් ප්රවාහයන් ගැන විස්තර වෙනවා.
බුද්ධ දර්ශනයේ පරචිත්ත විජානන බලය විද්‍යාවට ඔප්පු කළ හැකිවී නැහැ. එවිට එය අවිද්යාත්මකයි කියලා ඇතැමුන් කියන්න පුළුවන්. දේශීය, පාරම්පරික ඥානය විද්‍යාවට එහා ගිය දෙයක් වෙන්න පුළුවන්. මිනිසුන්, සතුන්, ගහකොළ අතර සම්බන්ධය අදිය උදාහරණයකට ගත හැකියි. මානව වංශ සත්ත්ව විද්‍යාව, මානව වංශ උද්භිද විද්‍යාව ආදී නම් වලින් එය හැඳින්වෙනවා. පාරම්පරික දැනුම එක තැනක නැහැ. කමත, කුඹුර ගැන ගොවියා දන්නා දේ වුණත් එහෙමයි. තැන් තැන් වලට කැඩී ගිහින් තියෙන්නේ.
අද වන විට කෘෂි කර්මාන්තයේ පැරණි බොහෝ දේ දක්නට අඩුයි. ඒ වෙනුවට අලුත් වර්ග දක්නට පුළුවන්. ඇතැම් බීජ, ජාන ආදියත් නැතිවී ගිහින්. වී, කෙසෙල්, අඹ, මිරිස් ආදී බෝග ආදියේ සිට ඊට උදාහරණ දැක්විය හැකියි. දේශීය ඥානය සමඟ ඒවා දන්නා කියන තැනැත්තන් අඩු වෙලා. සොබා දහමේ සම්පත් අපෙන් අඩු වෙනවා කියන්නේ ඒ දැනුමත් රටකට නැති වෙනවා කියන එකයි.
මෑතකදී කලාවැව අවට සැරිසැරූ දැවැන්ත හස්තියකු මරා දැමුණා. ඒ ප්රශ්නය දේශපාලනඥයන් හා නිලධාරින් ඇති කළ ගැටලුවක්. විදේශිකයන් අධික වියදමක් දරමින් මෙරටට එන්නේ විශේෂත්වයක් බලාපොරොත්තුවෙන්. අපේ සොබාදහම, පරිසරය බලන්න හා විඳින්නයි ඔවුන් බොහෝ කැමතියි. වනෝද්‍යාන වලදී එක දළ ඇතකු දැක ගන්න තියෙනවා නම් රුපියල් ලක්ෂ 20ක් වියදම් කළත් කමක් නැහැ කියලා පොහොසත් විදේශිකයන් වැඩි දෙනකු කල්පනා කරනවා. වෙරළබඩට වී එහි අසිරිය දකින්නට, විඳින්නට ඒ අය හුඟක් කැමැතියි. සමහරු දවස් ගණන් ඒ වෙනුවෙන් එතැනම ඉන්නවා. තල්මසාත්, අලියාත් දෙදෙනාම එකම රටකදී දැක ගන්න ඒ අයට පුළුවන්. සිංහරාජ කැලෑව මැද රැහැයියන්ගේ, කුරුමිණියන්ගේ, ගෙම්බන්ගේ හඬ ආදිය අහන්නත් ඔවුන් කැමැතියි. ඒක ඒ අයට භාවනාවක් වගේ. බටහිර විද්‍යව ඊට ඉකෝ තෙරපි කියනවා.
මේ අනුව බැලුවාම සංස්කෘතිය විනාශ වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා විතරයි. ඒක අවිවාදිතයි. එදා සහ අද ජීවිත, ඇඳුම් පැළඳුම්, හුරු පුරුදු ආදිය විමසා බැලූ විට ඒ පිළිබඳ හඳුනා ගත හැකියි. සංස්කෘතිය පරිසරය එක්ක බද්ධ වෙලා තියෙන්නේ. සොබාදහම තමා අපේ සංස්කෘතිය තීරණය කරන්නේ. රටක සොබා දහම තමයි ඒ රටේ මිනිස්සු හිතන පතන විදිය, තීරණය කරන්නේ. මේකට අපි පාරිසරික නිර්ණයවාදය කියනවා. ඒ කියන්නේ සොබාදහමෙන් සංස්කෘතිය සැකසීමයි. නූතනයේ ඒක වෙනස් වෙලා. අද වෙනකොට අපි හිතන, අඳින විදිය තමයි සොබාදහම තීරණය කරන්නේ. මිනිසුන් කනබොන අඳින, ගෙවල් සාදන අන්දම ආදියෙන් හුඟක් දේවල් වෙනස් වෙනවා. හැබැයි, මිනිස්සු සොබා දහම තීරණය කරන තත්ත්වයට අද පත්වෙලා. එහෙම වුණාම සොබාදහමයි සංස්කෘතියයි එකට ගැටෙනවා. හැබැයි, සොබාදහම අපේ සංස්කෘතිය තීරණය කරන එක් ප්‍රධාන කරුණක් බව අප තරයේ වටහා ගත යුතුයි.
නුවන් මහේෂ් ජයවික්‍රම