Home » කිරිඳිඔය ගොවීන් මණ්ඩලයට වී ගෙනත්…

කිරිඳිඔය ගොවීන් මණ්ඩලයට වී ගෙනත්…

by sachintha
February 25, 2025 1:19 am 0 comment

කිරිඳිඔය ව්‍යාපාරයට අයත් ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීම ඊයේ (24) වී අලෙවි මණ්ඩලයට අයත් වීරවිල වී ගබඩාවේදී ආරම්භ විය.

මෙහිදී කිරිඳිඔය ව්‍යාපාරයේ නව සංවර්ධන ප්‍රදේශයට අයත් වීරවිල දකුණු ඉවුරේ කුඹුරු ගොවිතැන් කරන වී ගොවීන් හතර දෙනකු වී කිලෝ 1945ක් ලබාදුන් බව වී අලෙවි මණ්ඩලයේ දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු ඩී. ඉන්දික උපේන්ද්‍ර මහතා පැවසීය. එස්. එදිරිසිංහ, එච්.ඒ. ෂෙහාන්, එස්.එම්. ජයලත් හා කේ.එච්.පී. ගාමිණී යන ගොවීන් හතර දෙනා වී ලබාදීමට කටයුතු කළේය.

තිස්සමහාරාම සහකාර ප්‍රාදේශීය ලේකම් මනෝජ් කොඩිතුවක්කු, වී අළෙවි මණ්ඩලයේ දිස්ත්‍රික් කළමනාකරු ඩී. ඉන්දික උපේන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

තංගල්ල සමූහ – පද්මසිරි ගාර්දියවසම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT