Home » නොදිරන ප්ලාස්ටික් එකතු කරන්න ජංගම රථයක්

නොදිරන ප්ලාස්ටික් එකතු කරන්න ජංගම රථයක්

by sachintha
February 25, 2025 1:17 am 0 comment

ලෝක බැංකු ආධාර යටතේ N.R.C. ආයතනය හා ජනතාක්ෂණ ආයතනය, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය ඇතිව ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍ය එකතු කිරීමේ ජංගම වැඩසටහනක් ආරම්භකොට තිබේ.

මෙම වැඩසටහන යටතේ ඉවතලන නොදිරන ප්ලාස්ටික් ද්‍රව්‍ය මෙම එකතු කිරීමේ ජංගම රථයට ලබාදිය හැකිය. මෙම වැඩසටහන යටතේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ තිබෙන සියලුම පාසල් සිසුන් ද මේ පිළිබඳව දැනුම්වත්කොට ඇති අතර පරිසරය අපවිත්‍ර විය හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය ඔවුන් මඟින් එකතුකර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්ලාටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා යොදා සිටින යස්ටින් ගොඩකන්ද මහතා වෙත ලබාදී තිබෙන ඉලෙක්ට්‍රොනික් බයිසිකලය වෙත පාසල් ළමයින් පිරිසක් විසින් එකතු කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලබාදෙන අවස්ථාවක් මෙම ඡායාරූපයෙන් දැක්වේ.

අම්බලන්ගොඩ සමූහ – ආර්. ඤාණදාස

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT