Sunday, April 20, 2025
Home » ජාතික ආර්ථිකයට උරදෙන මහවැලි එල්. කලාපය

ජාතික ආර්ථිකයට උරදෙන මහවැලි එල්. කලාපය

by sachintha
February 25, 2025 1:12 am 0 comment

වැලිඔය මූලික කරගත් මහවැලි එල් කලාපය සෙසු මහවැලි කලාපවලින් බැහැරව විවිධ දුෂ්කරතා සහිතව පැවතියත් කෘෂිකාර්මික හා ධීවර වැනි නිෂ්පාදනවලින් ඔවුන් මෙරට ජාතික ආර්ථිකය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දෙමින් සිටී.

මෙම කටයුතුවලදී ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ එල් කලාපයේ නේවාසික කළමණාකරු ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා ඇතුළු සෙසු නිලධාරින් විවිධ දුෂ්කරතා පැවතියත් ඒවාට මුහුණදෙමින් කටයුතු කිරීම පැසසුමට ලක්කළ යුතු කරුණකි. මහවැලි එල් කලාපයේ වගා හා ධීවර කටයුතුවලට දායකත්වය ලබාදෙන කලාපය තුළ විසිරී ඇති වැව්වලට ජලය එක් රැස්වන්නේ ඊසානදිග මෝසමෙන් හෝ සංවහන වැසිවලින් එන වර්ෂා ජලයෙන් පමණකි.

මේ නිසාම ජලය පරිස්සමින් පරිහරණය කරගනිමින් කෘෂිකාර්මික හා ධීවර කටයතුවලට ජානපදිකයින් මෙහෙයවීමටද මහවැලි නිලධාරින්ට සිදුව ඇත්තේ වෙනත් මහවැලි කලාපවලට වෙහෙසක් දරමිනි.

මහවැලි එල් කලාපයේ වැව් හා වැසි ජලය ඉලක්කකර ගනිමින් සිදුකරන වී වගාව ප්‍රධානම අගයක් ජාතික ආර්තිකයට එක් කරන අතර එම වැව් මූලික කරගනිමින් සිදුකරන මිරිදිය ධීවර කර්මාන්තය ඊට පසුව වූ දායකත්වට ලබා දෙනුලබයි. මෙම කලාපයෙන් රුපියල් මිලියන 08ක පමණ වටිනාකමැති මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන බව පවසන මහවැලි එල් කලාපයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකරු ඩබ්ලිව්.එම්.ඒ.කේ.ඩබ්ලිව්. වන්නිනායක මහතා වාර්ෂිකව ටොන් 40ක පමණ මත්ස්‍ය අස්වැන්නක් ලබා ගන්නා බවද සඳහන් කරයි.

“ධීවර රස්සාවෙන් පවුල් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා හොඳින් මාළු අස්වැන්න ලැබෙන දිනවල දිනකට එක් ඔරුවකින් යන ධීවරයන් දෙදෙනෙකුට මාළු කිලෝ 200 – 250 අතර ප්‍රමාණයක් අල්ලා ගන්න පුළුවන්. වැවෙන් මාළු කිලෝවක් රුපියල් 400කට ලබාදෙනවා ගොඩක් දෙනෙක් වගාවන්ට අමතරව තමයි ධීවර රස්සාව කරන්නේ ඒකෙන් තම ධීවරයන්ට සහන ලැබී තිබෙනවා” පවසන ඇහටුගස්වැව ධීවර සංගමයේ ලේකම් ජේ.ඩී. ජයතිලක මහතා මෙම කටයුතුවලදී මහවැලි අධිකාරිය බෝට්ටු, දැල්, ධීවර ආම්පන්න, මත්ස්‍ය පැටවු ආදිය ලබා දෙමින් සහන ණය ලබා දෙමින් ධීවරයන් නඟා සිටුවීමට විශාල දායකත්වයක් ලබා දෙන බවද පවසයි.

මේ දිනවල අලුයම පවතින අධික සීතල හා වැව් තවමත් ජලයෙන් හොඳින් පිරී තිබීම මත්ස්‍ය අස්වැන්න අඩුවීමට හේතුවක් වී ඇතැයි ද පවසයි. ඔහුට අනුව මේ දිනවල ධීවරයෙකුට දිනකට ලැබෙන අස්වැන්න කිලෝ 10 සිට 20 අතර ප්‍රමාණයකට සීමාවී තිබෙන බවද මේ තත්ත්වය ඉදිරියේ සතුටුදායක ලෙස වෙනස් වනු ඇතැයිද ඔහු පවසයි.

“මම ඇහැටුගස්වැව ධීවර සමිතියේ සාමාජිකයෙක් අපි මේ රස්සාවෙන් අමතර ආදායමත් ලබා ගන්නවා. අපිට මේක ලොකු හයියක් වැවේ ඉන්න කිඹුල්ලු නිසා ධීවර කටයුතුවලට බාධාවෙලා තියෙනවා. කිඹුල්ලු දැල් ඉරනවා විනාශ කරනවා. මෙනවා වුණත් අපි මේ රස්සාව කැමැත්තෙන් කරන බව ලාල් කුමාර මහතා පවසයි.

“මම ඉසසර වැවට ගිහින් මාළු ඇල්ලුවා. දැන් මාළු විකිනීමේ රස්සාව කරනවා. ගෙවල්වලට ගිහින් මාළු රුපියල් 600 – 650ට විකුණනවා. කැටලා, තිලාපි වගේ මාළු වර්ග විකුණනවා. ඊට අමතරව ලූලා, ආඳා වගේ අපේ පරණ මාළුත් තරමක් තියෙනවා. වෙළඳාම හැමදාම එකවගේ නෑ ඒවුණත් පාඩුවක් නෑ. ගම්බද මාර්ග ඉතාමත් අබලන් ඒක වෙළෙඳාම් කරන අපිට පමණක් නොවේ හැමෝටම මහම මහ කරදරයක්වී ඇත. මේ මාර්ග දුෂ්කරතා හේතුවෙන් වැලිඔය අනෙක් නගර ගම්මානවලින් හුදෙකලා වි ඇතැයිද” යූ.කේ.එච්. දයාවංස මහතා පසයි.

“වී වගාව, ගෙවතු වගාව, සත්ත්ව පාලනය හා ධීවර කටයුතු ඇතුළු බොහෝ කටයුතුවලය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය තාක්ෂණය, මඟපෙන්වීම, පහසුකම් සැපයීම යන අංශවලින් නිරන්තරයෙන් සහය ලබා දෙනවා. මාර්ග, පානීය ජලය, සන්නිවේදන සම්බන්ධතා වැනි දුෂ්කරතා පැවතියත් මහවැලි නිලධාරින් එල් කලාපය තුළ සියළු නිලධාරින් මහත් කැපකිරීමෙන් රාජකාරි කරනවා. රජය ගෙනයන මෙම සංවර්ධන ක්‍රියාදාමය ජයගැනීමට නේවාසික ව්‍යාපාර කළමණාකරු සුජීව ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත කටයුතු කරන බවද” කිරිඉබ්බන්වැව කොට්ඨාස ව්‍යාපාර කළමනාකරු රංජිත් ලක්ෂ්මන් රත්නායක මහතා පවසයි.

වවුනියාව උතුර සමූහ – බන්දුල සෙනෙවිරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT