52
කැලණි ගඟ ඉහළ ජල පෝෂික ප්‍රදේශවලට වර්ෂාව නොලැබීම හේතුවෙන් මේ වන විට කැලණි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් අඩුවීමත් සමඟම, කැලණි ගං පතුලේ ඇති ගල්තට්ටු මතුවී ඇති අයුරු පහළ හංවැල්ල ප්‍රදේශයේදී ඊයේ (24) දැකගත හැකි විය. වෙනත් දිනවල පහළට ගලා යන කැලණි ගඟේ ජලය මේ වන විට නිසොල්මන්ව පවතී. මෙලෙස කැලණි ගඟේ ජල මට්ටම පහළ යෑමත්, පවතින වියළි කාලගුණයත් හේතුවෙන් ගඟ දෙපස පදිංචි ජනතාවගේ නිවෙස් ආශ්‍රිත ඇති ළිංවල ජලය ද විශාල වශයෙන් අඩු වීමේ තර්ජනයට ලක් වී ඇතැයි ගඟ දෙපස පදිංචිකරුවෝ පවසති.
පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ