Monday, April 21, 2025
Home » වැස්ස නැතිව කැලණි ගං පතුලේ ගල්තට්ටු මතුවෙලා

වැස්ස නැතිව කැලණි ගං පතුලේ ගල්තට්ටු මතුවෙලා

by sachintha
February 25, 2025 1:10 am 0 comment

කැලණි ගඟ ඉහළ ජල පෝෂික ප්‍රදේශවලට වර්ෂාව නොලැබීම හේතුවෙන් මේ වන විට කැලණි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් අඩුවීමත් සමඟම, කැලණි ගං පතුලේ ඇති ගල්තට්ටු මතුවී ඇති අයුරු පහළ හංවැල්ල ප්‍රදේශයේදී ඊයේ (24) දැකගත හැකි විය. වෙනත් දිනවල පහළට ගලා යන කැලණි ගඟේ ජලය මේ වන විට නිසොල්මන්ව පවතී. මෙලෙස කැලණි ගඟේ ජල මට්ටම පහළ යෑමත්, පවතින වියළි කාලගුණයත් හේතුවෙන් ගඟ දෙපස පදිංචි ජනතාවගේ නිවෙස් ආශ්‍රිත ඇති ළිංවල ජලය ද විශාල වශයෙන් අඩු වීමේ තර්ජනයට ලක් වී ඇතැයි ගඟ දෙපස පදිංචිකරුවෝ පවසති.

පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT