Home » මරන්න ගිය එළ ගවයින් 8ක් පොලිසියෙන් බේරාගැනෙති

මරන්න ගිය එළ ගවයින් 8ක් පොලිසියෙන් බේරාගැනෙති

-සැකකරුවෝ පලා ගිහින්

by sachintha
February 25, 2025 1:07 am 0 comment

බදුරලිය, අගලවත්ත, මීගහතැන්න ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මස් පිණිස හොරෙන් රැගෙන ගිය එළ ගවයින් 8දෙනකු වැලිපැන්න, අරලිය උයන ප්‍රදේශයේ රබර් කැලයක සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත එහි ගිය වැලිපැන්න පොලීසිය ගවයින් බේරාගෙන ඇති අතර සැකකරුවන් පලාගොස් ඇත. ඉකුත්දා 19 වැනිදා රාත්‍රී බදුරලිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් හොර රහසේ රැගෙන ගිය ගවයින් 8දෙනකු පසුගිය 20 දා උදෑසන මරා මස් පිණිස අලෙවි කිරීමට සූදානමින් රබර් කැලයක සඟවාගෙන සිටින බවට වැලිපැන්න පොලීසියේ ජංගම සේවයේ යෙදී සිටි පො.සැ. සිසිර කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව පොලිස් කණ්ඩායම ගවයින් බේරාගෙන ඇති අතර සැකකරුවන් පලාගොස් ඇත. පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත වන අතර වැලිපැන්න පොලිස් ස්ථානාධිපති, ප්‍ර.පො.ප. චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

මීගහතැන්න සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT