Monday, April 21, 2025
Home » ගම්පහ කච්චේරිය ඉදිරිපිට මාර්ග අවහිරතාවයට පිළියමක් නෑ

ගම්පහ කච්චේරිය ඉදිරිපිට මාර්ග අවහිරතාවයට පිළියමක් නෑ

-ජනතාවගෙන් මැසිවිලි

by sachintha
February 25, 2025 1:06 am 0 comment

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට බස්රථ නවතාගෙන සිටීම හේතුවෙන් නිර්මාණය වී ඇති මාර්ග අවහිරතාවයට විසඳුමක් ලබා දීමට අදාළ අංශ අපොහොසත් වී ඇති බවට ගම්පහ – මිරිස්වත්ත මාර්ගය භාවිත කරන්නෝ චෝදනා කරති. මෙම මාර්ගයේ මිරිස්වත්ත දෙසට සහ ගම්පහ දෙසට ධාවනය වන බස්රථ නැවතුම්පොළ දෙක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට එකම ස්ථානයක තිබීමත්, බස්රථවලට මගීන් නංවා ගැනීමෙන් අනතුරුව පසුපසින් පැමිණෙන බස්රථය ආසන්නයට එනතෙක් නවතාගෙන සිටීමත් හේතුවෙන් මෙලෙස මාර්ග අවහිරතාවක් නිර්මාණය වී ඇති බව ජනතාව පෙන්වා දෙති.

මිරිස්වත්ත දෙසට ධාවනය කෙරෙන බස්රථ නැවතීම පිණිස දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට නැවතුම් ස්ථානයක් සලකුණු කොට ඇති නමුත් ගම්පහ දෙසට නැවතුම් ස්ථානයක් සලකුණු කොට නොතිබියදී බස්රථ නවතාගෙන සිටීම හේතුවෙන්, බොහෝ අවස්ථාවල ගම්පහ දෙසට වාහන ගමන් ගැනීමට නොහැකිව තදබදයක් නිර්මාණය වන අතර ඇතැම් විට ගිලන්රථයකට පවා ගමන් ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින ආකාරයක් ද දක්නට ඇත.

පසුගිය දිනෙක දෙපස බස් රථ දෙකක් නවතා තිබියදී මැදින් ගමන්ගත් වාහන දෙකක් ගැටී අනතුරක්ද සිදුවිය. මෙම ස්ථානයේ එක් බස් නැවතුම්පොළක් වෙනස් කොට හෝ මෙම මාර්ග අවහිරතාවයට ස්ථීර විසඳුමක් දෙන ලෙස ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ද අදාළ අංශ දැනුවත් කොට තිබේ.

ගම්පහ තිලකරත්න දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT