Home » යුරෝපා සංගමයේ ආධාරවලින් බුදුරුවාගලට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්

යුරෝපා සංගමයේ ආධාරවලින් බුදුරුවාගලට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්

by sachintha
February 25, 2025 1:05 am 0 comment

ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය යුරෝපා සංගමයේ ආධාර ඇතිව සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා බුදුරුවාගල ගම්මානය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

බුදුරුවාගල ගම්මානයේ ගොවි, ධීවර හා ප්‍රජාමූල සංවිධාන එක්ව ක්‍රියාත්මක කරන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට සත්කාරක සේවාවන් ලෙස පළාත් සංචාරක අමාත්‍යාංශය, බුදුරුවාගල වැවේ සිරි නැරඹීමට ආසන 40ක සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන දිවා – රාත්‍රී බෝට්ටු සේවයක් ලබාදීම, ධීවරයන්ට ඔරු ලබාදීම හා මත්ස්‍ය චිකිත්සක ඒකකයක් ආරම්භ කිරීම මෙම වැඩසටහන යටතේ සිදුකර තිබේ.

ප්‍රදේශයට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන්ට දිවා – රාත්‍රී කාලයේ බෝට්ටු සවාරි යාමට හා එහි සාද පැවැත්වීමට අවශ්‍ය සියලුම පහසුකම් මෙම සූර්ය බලැති බෝට්ටුවේ තිබෙන අතර පළාත් සංචාරක අමාත්‍යාංශය යුරෝපා සංගමයේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන හතක මුදලක් වැය කර තිබේ.

සංචාරක කර්මාන්ත ප්‍රවර්ධන වැඩ සටහන ආරම්භ කිරීමට පළාත් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් උපාලි ජයසේකර මහතාගේ ආරාධනයට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර සහ අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න යන නිලධාරීහු සහභාගි වූහ.

ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT