Sunday, April 20, 2025
Home » ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මාතර රාහුලයේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මාතර රාහුලයේ නිරීක්ෂණ චාරිකාවක

by sachintha
February 25, 2025 2:00 am 0 comment

ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා ඉකුත් 22 වැනිදා මාතර රාහුල විද්‍යාලයට පැමිණියේය. විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන හෙතෙම දැනට ඉදිකරමින් පවතින ගුණතිලක අනුස්මරණ ශාලාවේ ඉදිරි වැඩ කටයුතු සඳහා මූලික පියවර සාකච්ඡා කිරීම සඳහා මෙලෙස පැමිණ ඇත.

රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ආරාධනය මත ආදි ශිෂ්‍ය සංගමයේ උප සංවිධායක නොෂාන් රසාංග සහ 2011 වසර කණ්ඩායමේ කීර්තිමත් ආදී ශිෂ්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කම් ඉල්යාස් මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ලේකම්වරයා මෙලෙස සහභාගි වී ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා විසින් විද්‍යාල පරිශ්‍රය හා අදාළ ගොඩනැඟිල්ල නිරීක්ෂණයට එක්ව ඇති අතර ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද සොයා බලා ඇත.

මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පතිනි සමිත කුරුකුලසූරිය, දකුණු පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ දමිත දිසානායක, ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන් ලේකම් නිර්මාල් ඉලංගම්ගේ, උප සභාපතිවරුන් වන මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර, සමීර රාජපක්ෂ, භාණ්ඩාගාරික හේමචන්ද්‍ර නානායක්කාර, නීති ලේකම් මදුරංග මහේෂ්, සංවිධායක සංජය කුමාර යන මහත්ම මහත්මීන් සහ 2011 වසර කණ්ඩායමේ ආදි ශිෂ්‍යයින් සහභාගී වී සිටියහ.

ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT