Saturday, April 19, 2025
Home » ආර්ථිකය පවත්වාගෙන යෑමට කැබිනට් තීරණ ශක්තිමත් විය යුතුයි

ආර්ථිකය පවත්වාගෙන යෑමට කැබිනට් තීරණ ශක්තිමත් විය යුතුයි

-මන්ත්‍රී රවී කරුණානායක

by sachintha
February 25, 2025 3:45 am 0 comment

රටක පැවැත්ම උදෙසා මූල්‍ය විනය පවත්වාගෙන යාම අතිශය වැදගත් අතර රටක ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් කැබිනට් මණ්ඩලය තීන්දු තීරණ ශක්තිමත් ලෙස ගත යුතු බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (24) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී 2025 වසර සඳහා වන අය – වැය විවාදය සඳහා ඊයේ (24) සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙසේද පැවසීය.

ජනතාවට එල්ල වන පීඩනය යම් තරමකට හෝ අඩු කිරීම අය – වැයක අරමුණක්. මුදල් අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරින් පිරිසක් හිටියා. මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු කණ්ඩායම ඉතාමත් දක්ෂ ලෙස අය – වැය සකස් කරපු බව අපි දන්නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT