Home » කර්මාන්තපුර නවයක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා

කර්මාන්තපුර නවයක් අලුතින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා

-ඇමැති සුනිල් හඳුන්නෙත්ති

by sachintha
February 25, 2025 2:38 am 0 comment

කර්මාන්තපුරවල බදුකර හැකි ඉක්මනින් ලබාදීමේ නව ක්‍රමවේදයක් ස්ථාපිත කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවසීය.

ඒ අනුව බදුකර හැකි ඉක්මනින් ලබාදීම සඳහා ජංගම ක්‍රමවේදයක් අනුගමනය කරන බවත්, දින 22කින් අනුමැතිය ලබාගෙන දින 62ක් ඇතුළත කර්මාන්තපුරයට අදාළ බදුකරය භාර දීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා පැවසුවේය.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

නව කර්මාන්තපුර කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දැනටමත් වැඩ ආරම්භ කර තිබෙන අලුතපොළ, දඹුල්ල, සඳමල්ගම, සූරියවැව, රයිගම යනාදී කර්මාන්තපුරයන් 2025 වසර අවසන් වන විට වැඩ නිම කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

නව කර්මාන්තපුර 9ක් ඉදි කරන්නේ යැයි ද, කන්කසන්තුරේ නව කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

2019 වසරේ ආරම්භ කළ බදුකරය මෙතෙක් ලැබී නොමැති බවත් කර්මාන්තපුරවර එක් එක් අයට පැවරීම ව්‍යාපාරයක් කරගෙන ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT