Sunday, April 20, 2025
Home » නල්ලතන්නිය රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය

නල්ලතන්නිය රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය

by chanaka
February 25, 2025 8:39 am 0 comment

නුවරඑළිය දිස්ති‍්‍රකයේ මස්කෙළිය, නල්ලතන්නිය, වාලමලේ ඉහල ප‍්‍රදේශ රක්‍ෂිතයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 4 බලඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යෙදවූ බව ගුවන් හමුදාව සදහන් කරයි.

එම හෙලිකොප්ටර් යානය ගිනි නිවීම සඳහා විශේෂයෙන් භාවිතා කරනු ලබන ”බම්බි බකට්” උපාංගය සමග යොදවා තිබේ.

ආපදා කළමණාකරන අමාත්‍යංශය විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් ඊයේ (24) පස්වරුවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් ගින්න ඇතිවු ස්ථානයට ආසන්නම ජාලාශය වන මාඋස්සා කැළේ ජලාශයෙන් බම්බි බකට් අධාරයෙන් අවස්ථා 10ක දී ජලය රැගෙන ගින්න ඇතිවු ස්ථානයට සාර්ථකව හෙළීම සිදුකර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT