61
පළාත් පාලන ඡන්ද විමසීම සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනිද්දා (27) රැස්වීමට නියමිතය.
එම රැස්වීමේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවැසීය.
එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ නාමයෝජනා භාර ගැනීම නිවේදනය කරන දිනය සම්බන්ධයෙන් කඩිනමින් තීරණය කරන බවද හෙතෙම සඳහන් කළේය. එළඹෙන සිංහල-දෙමළ අලුත් අවුරුදු මාසයේ ස්ථිර වශයෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති බවට කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
සුභාෂිණී සේනානායක