Home » කනගාටුව පළ කිරීමයි

කනගාටුව පළ කිරීමයි

by sachintha
February 25, 2025 2:23 am 0 comment

දිනමිණ පුවත්පතේ 2020 පෙබරවාරි මස 8 වන දින “යහපාලන ඇමැතිවරුන්ට වාහන ගේන්න කෝටි 280ක්” යන ශීර්ෂය යටතේ පළ කරන ලද ප්‍රවෘත්තියට අදාළව කොළඹ දිසා අධිකරණයේ DMR/2225/2020 අංකය යටතේ රවි කරුණානායක මහතා විසින් නඩුවක් ගොනු කර ඇත. එම ප්‍රවෘත්තියෙහි පැමිණිලිකරු එනම් රවි කරුණානායක මහතා විදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයෙහි රුපියල් ලක්ෂ 410ක් වටිනා බෙන්ස් රථයක් ගෙන්වන ලද්දේ යැයි සඳහන් කර තිබේ. අනාවරණය වී ඇති කරුණු අනුව, 2017.05.03 දින ලැබී ඇති අනුමැතිය යටතේ රුපියල් මිලියන 41.5ක බෙන්ස් රථයක් විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙන්වා ඇත. එකී අනුමැතිය ලබා දී ඇති දිනය වන විට රවි කරුණානායක මහතා විදේශ කටයුතු ඇමැතිවරයා වශයෙන් කටයුතු කර නොමැති බවට කරුණු අනාවරණය වී තිබේ. අනාවරණය වූ එකී කරුණු මත රවි කරුණානායක මහතාට එම බෙන්ස් රථය ගෙන්වා ඇතැයි පුවත්පතේ සඳහන් කර ඇති කරුණ නිවැරැදි නොවේ.

එවක පාලනාධිකාරිය සමයෙහි දිනමිණ පුවත්පතේ පළ කරන ලද එකී ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාට යම් සිත් තැවුලක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් විත්තිකරුවෝ අවංකවම සිය කනගාටුව පළ කර සිටිති. එකී කොළඹ දිසා අධිකරණ DMR/2225/2020 නඩුවේ සමථය ප්‍රකාරව මෙම කනගාටුව පළ කිරීම සිදු කරනු ලැබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT