Monday, April 21, 2025
Home » වෙඩික්කරුට ගිනිඅවිය දුන් සැකකරු මෝදරදී දැලේ
කොටහේනේ ඝාතනය:

වෙඩික්කරුට ගිනිඅවිය දුන් සැකකරු මෝදරදී දැලේ

by sachintha
February 25, 2025 12:28 am 0 comment

කොටහේනේදී දුරකතන අලෙවිසලක පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුට ටී 56 අවිය ලබාදුන් පුද්ගලයා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගන්නා ලදි. මෝදර පදිංචිකරුවෙක් වන 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණය පිහිටි ප්‍රදේශයේදීය.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ඩුබායිහි රැඳී සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් සමඟ සමීප සම්බන්ධයක් ඇති බවය.

ඩුබායිහි රැඳී සිටින ජාවාරම්කරුගේ උපදෙස් මත වෙඩික්කරු කොළඹ කොටුවේ සිට තමාට අයත් ත්‍රිරෝද රථයකින් කොස්ගස්හන්දියේ පිහිටි සිය බිරියගේ නි‍ෙවසට කැඳවාගෙන විත් ඇත්තේ මේ සැකකරු බව ද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ. වෙඩි තැබීමට ටී 56 අවිය සහ පතරොම් ගැබ වෙඩික්කරුට ලැබී ඇත්තේ ද එහිදීය.

කොටහේන බෙනඩික් මාවතේදී පසුගිය 10 වැනිදා ටී 56 අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තිබුණි. එම වෙඩික්කරුට ද ගිනිඅවිය දී ඇත්තේ මේ සැකකරු විසින් බව ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ. ජංගම දුරකතන අලෙවිසලේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කරන්නේ පසුගිය 21 වැනිදා රාත්‍රී කාලයේදීය. ඝාතනයෙන් පසු යතුරුපැදියකින් පලා යමින් සිටි වෙඩික්කරුත් යතුරුපැදිකරුත් පොලීසිය පැයක් යන්නට මත්තෙන් අත්අඩංගුවට ගත්තේය. ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත ආයුධ සොයා ගිය ගමනේදී මෝදර කාක දූපතේදී ඔවුන් දෙදෙනා පොලීසිය සමඟ ගැටී පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ පසුගිය 22දා අලුයම මරුමුවට පත්වූහ.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT