මහජන පීඩාවන් ඇති නොවන පරිදි එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ දැනට පවතින සීමා සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කෙරේ.
ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ (24) සංස්කෘතික අමාත්‍යාංශයේදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමේ කාලසීමාව දීර්ඝ කරගැනීම, ක්‍රීඩාංගණ වෙන් කරගැනීම හා ශබ්ද විකාශන බලපත්‍ර ලබා ගැනීමේදී ඇතිවන ගැටලු විසඳා ගැනීම, ශිල්පීන්ගේ අය කිරීම් සාධාරණ මට්ටමක පවත්වා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.
විනෝද බද්ද අය කිරීමේදී පවතින විෂමතා ඉවත් කරගැනීම සහ රසිකයන්ගේ ආරක්ෂාව තර කිරීම ඇතුළු යෝජනා රැසක් එළිමහන් සංගීත ප්‍රසංග කලාකරුවන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර, මහජන පීඩා ඇති නොවන පරිදි දැනට පවතින සීමා සංශෝධනය කිරීමටත් එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත් කටයුතු කරන බවයි.
නෙරංජලා වික්‍රමසිංහ