Wednesday, April 23, 2025
Home » සිරකරුවන් නිදහස් කරනතුරු සාම කතා නැහැ – හමාස් කියයි

සිරකරුවන් නිදහස් කරනතුරු සාම කතා නැහැ – හමාස් කියයි

by yasara
February 25, 2025 12:09 pm 0 comment

පලස්තීන සිරකරුවන් නිදහස් කරන තෙක් සාම සාකච්ඡා සඳහා නොපැමිණෙන බව හමාස් සංවිධානය සදහන් කර ඇත.

පලස්තීන සිරකරුවන් 600කට වැඩි පිරිසක් නිදහස් කිරීම දින නියමයක් නොමැතිව ප්‍රමාද කරන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කිරීමත් සමඟ හමාස් සංවිධානය මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය මත සටන් විරාම ක්‍රියාවලියේ තවත් විශාල පසුබෑමකට ලක්ව ඇතැයි සදහන් වේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ හමාස් සංවිධානය විසින් මීළඟ ප්‍රාණ ඇපකරුවන් භාරදීම සහතික වන තෙක් නිදහස් කිරීම දැන් ප්‍රමාද වනු ඇති බවටයි.

සාම ගිවිසුමේ නියමයන් කඩ කරන බවට ඊශ්‍රායලය සහ හමාස් යන දෙපිරිසම එකිනෙකාට අවස්ථා කිහිපයක දී චෝදනා කර ගැනීම ද සිදු විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT