Wednesday, April 23, 2025
Home » යුක්‍රේනයේ සාමය ප්‍රවර්ධනය කරන සියලු උත්සාහයන්ට චීනයේ සහාය

යුක්‍රේනයේ සාමය ප්‍රවර්ධනය කරන සියලු උත්සාහයන්ට චීනයේ සහාය

by chanaka
February 25, 2025 11:39 am 0 comment

සාම සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ ඇමරිකාව සහ රුසියාව ඇති කරගත් එකඟතාවය ඇතුළු සාමය ප්‍රවර්ධනය කරන සියලු උත්සාහයන්ට චීනය සහාය දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ(24)යුක්‍රේනයේ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති හදිසි විශේෂ රැස්වීමේදී ය.

සාම සාකච්ඡා ක්‍රියාවලියට සියලු පාර්ශ්වයන් සහභාගී වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව Fu Cong මහතා එහිදී පැවසීය.

මෙමගින් යුරෝපයේ සාමය ස්ථාපිත වනු ඇති අතර යුරෝපා මහාද්වීපයේ දිගුකාලීන තිරසරභාවයක් ඇති වනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය. මෙම තීරණාත්මක අවස්ථාවේදී, අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා දීම ප්‍රවර්ධනය කිරීමට සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කර දෙනු ඇතැයි චීනය අපේක්ෂා කරන බවත්, ඒ සඳහා චීනය අඛණ්ඩව කැප වන බවත් Fu Cong මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT