Monday, April 21, 2025
Home » අමෙරිකාවේ සිට ඉන්දියාවට පියාසර කළ ගුවන්යානයක් බෝම්බ බියකින් රෝමයට ගොඩ බස්වයි

අමෙරිකාවේ සිට ඉන්දියාවට පියාසර කළ ගුවන්යානයක් බෝම්බ බියකින් රෝමයට ගොඩ බස්වයි

-පැය 3ක සෝදිසි මෙහෙයුමකින් පසු යළි ගමනාන්තයට

by sachintha
February 25, 2025 1:08 am 0 comment

අමෙරිකාවේ සිට ඉන්දියාව බලා පියාසර කළ ගුවන්යානයක බෝම්බයක් ඇතැයි ලැබුණු ඊමේල් පණිවුඩයක් හේතුවෙන් එම ගුවන්යානය රෝමයට ගොඩ බැස්සවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම බෝම්බ තර්ජනයට ලක්වී ඇත්තේ මගීන් 199 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු රැගෙන නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළ දක්වා පියාසර කළ අමෙරිකානු ගුවන්සේවයට අයත් යානයක් බවත්, ගුවන්යානය මධ්‍යම ආසියාවේ නැඟෙනහිර දෙසින් පිහිටි කැස්පියන් මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී එම බෝම්බ තර්ජන ඊමේල් පණිවුඩය ලැබී ඇති බවත් වාර්තා වේ. අනතුරුව ඉතාලි ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානා දෙකක ආරක්ෂාව මැදින් රෝමයට ගොඩ බැස්සවීමට බලධාරින්ට සිදුවූ බව ද වාර්තා වේ.

එම ගුවන් යානය රෝමයේ ලියනාඩෝ ඩාවින්සි ගුවන්තොටුපොළට ගොඩ බස්වා පූර්ණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, පැය 3කට අධික කාලයකට පසු එහි ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු යළි ඉන්දියාව බලා පියාසර කළ බව අමෙරිකාවේ ෆෙඩරල් ගුවන් මෙහෙයුම් ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT