Home » දක්ෂිණාංශික පක්ෂ සන්ධානයට ජය
ජර්මනියේ මහමැතිවරණයෙන්

දක්ෂිණාංශික පක්ෂ සන්ධානයට ජය

by sachintha
February 25, 2025 1:06 am 0 comment

ජර්මනියේ මහමැතිවරණයෙන් දක්ෂිණ මතධාරී සන්ධානය ජයග්‍රහණය අත්කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 630 දෙනකු තෝරා පත්කර ගැනීම සඳහා පෙරේදා පැවැති මහමැතිවරණයෙන් කන්සර්වේවිට් පක්ෂයට ආසන 208ක් හිමි වූ බවත්, එම පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 28.52% ක් වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඒ අනුව එම සන්ධානයට නායකත්වය දුන් ප්‍රධාන පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ නායක 69 හැවිරිදි ෆ්‍රයිඩ්රිච් මර්ස් ජර්මනියේ නව චාන්සල්වරයා ලෙස පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නියමිත කාලයට වඩා මාස 7කට පෙර කැඳවනු ලැබූ ජර්මානු මහමැතිවරණයෙන් වත්මන් චාන්සල්වරයා වන ඔලාෆ් ෂූල්ස්ගේ නායකත්වයෙන් යුතු වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සන්ධානයට ලැබී ඇත්තේ ආසන 120ක් බවත්, එහි ප්‍රතිශතය 16.41%ක් පමණක් බවත් වාර්තා වේ. එම පක්ෂය ඉතිහාසයේ ලැබූ දරුණුතම පරාජය මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහමැතිවරණයෙන් 20.8% ක ප්‍රතිශතයක් ලබා ආසන 152කට හිමිකම් කියන එරට ප්‍රකට දේශපාලනඥවරියක වන ඇලිස් වයිඩ්ල්ගේ නායකත්වයෙන් යුතු ඒඑෆ්ඩී පක්ෂය දෙවැනි ස්ථානයට පත්වී ඇත. රජයක් පිහිටුවීම සඳහා ජර්මානු පාර්ලිමේන්තුවේ ආසන 316ක බලය හිමිකරගත යුතු බැවින් කන්සර්වේටිව් පක්ෂය ඇතුළු සන්ධානය ඉදිරියේදී ඒඑෆ්ඩී පක්ෂය හෝ ඔලාෆ්ගේ වාමංශික පක්ෂය සමඟ එක්ව සන්ධාන රජයක් පිහිටුවනු ඇතැයි ද වාර්තා පළ වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT