Home » මුහුණු පොතේ තිබුණි මෙසේ….

මුහුණු පොතේ තිබුණි මෙසේ….

by sachintha
February 25, 2025 2:01 am 0 comment

ගණේමුල්ල සංජීව පන්නයේ රටකට මේ හරුපයෙන් වැඩක් තිබේ ද?

ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරු අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනය කිරීමේ සිදුවීම පිළිබඳ සංවාදය එක් තැනක තිබියදී, පාර්ලිමේන්තුවේදී ලාල්කාන්ත ඇමැතිවරයා වටිනා කතාවක් කළේය. ඒ, ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන්ය.

සෑම කෙනෙක්ම ආර්ථිකයට සම්බන්ධ කරගන්නා, සෑම කෙනෙක්ටම තමන්ගේ ආර්ථික ලාබය ලැබෙන තත්ත්වයක් ඔහු මෙහිදී විග්‍රහ කළේය.

සත්‍ය – අසත්‍ය කෙසේ වෙතත්, ගනේමුල්ල සංජීවට මුලින්ම චෝදනා එල්ල වී ඇත්තේ කීර විකුණන කාන්තාවකගෙන් රුපියල් 300ක් සොරකම් කිරීමය. මේ අද පුවත්පත්වල පළ වී ඇති කරුණකි.

වවුල්කැලේ සමූහ ඝාතන නඩුවේ විත්තිකරුවන් ලෙස අධිකරණයේදී ඝාතනය කෙරුණේ ගම්පහ, වීරඟුල පොලිසියේ එවකට ස්ථානාධිපතිවරයා සහ එජාප රජයේ ප්‍රබලයකු වූ ඔහුගේ මාමණ්ඩියයි. ඒ වෙඩි තැබීම කළ පුද්ගලයා නිරුපද්‍රිතව ජපානයට ගිය බව සඳහන් මාධ්‍ය වාර්තා තිබේ.

ගනේමුල්ල සංජීව 2023 වසරේදී නේපාලයේ සිට ලංකාවට එද්දී කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනිණි. ඔහු ඉන්පසු ගෙන ගියේ ද වීරඟුල පොලිසියටයි. අධිකරණයේදී ඔහුට වෙඩි තැබූ ඝාතකයා ත්‍රිරෝද රථයකින් මීගමුවට ගොස් වෑන් රථයක් කුලියට ගෙන පලායමින් සිටියදී පුත්තලම, පාලවියේදී අත්අඩංගුවට ගත් බව ද මාධ්‍ය වාර්තා කළේය.

රැඳවුම් නියෝග අවසන් වීමට දිනක් තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටි මාකඳුරේ මධූෂ්, ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළ දේශපාලකයන්ගේ අපරාධ පිළිබඳ සාක්ෂි රැසක් නැති කරමින් මරා දැමිණි. ඒ පිළිබඳ චෝදනාව ඍජුවම එල්ල වී ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයටයි.

කුමන හේතුවක් නිසා හෝ කීර කොල්ලයෙන් ඇරඹි සංජීවගේ ගමන ද, සාක්ෂි රැසක් නැති කරමින් අවසන් කෙරිණි.

අත්අඩංගුවට ගත් ඔහුගේ ඝාතකයා රඳවා සිටින්නේ ද කොළඹ අපරාධ කොට්ඨාසයේ ය. ඒ, වෙනස් පරිපාලනයක් යටතේ ය. චෝදනාවට ලක් වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ අපරාධ භූමිකාව වෙනස් කළ බව ඔප්පු කිරීමේ වගකීමක් දැන් එහි අධ්‍යක්ෂවරයාට ඇත.

ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වන්නේ ඇයි යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඒ, මේ නිසා ය.

ශාලික විමලසේන

අපේ ආර්ථිකයේ හොරුන්ගේ වැදගත්කම

(උපුටාගැනීමකි)

ටීචර් ළමයින්ට කිව්වා හොරු ගැන රචනයක් හෙටට ලියන්න කියලා. නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බුද්ධි ප්‍රකාශ් එවැනි රචනයක් ලිවීය.

‘හොරු තමයි රටේ ආර්ථිකයේ කොඳු නාරටිය.’

මෙය විහිළුවක් හෝ වැරදි දෙයක් ලෙස මිනිසුන් සිතනු ඇත. නමුත් එය සැබවින්ම සලකා බැලිය යුතු විෂයයකි. සේප්පු, අල්මාරි, අගුල් අවශ්‍ය වන්නේ සොරුන් නිසාය. මේකෙන් ඒවා හදන කොම්පැනිවලට වැඩ ලැබෙනවා.

හොරු නිසා ගෙවල්වල ජනෙල්වල ග්‍රිල් තියෙනවා, දොරවල් තියෙනවා, දොරවල් වහලා තියෙනවා, ඒ විතරක් නෙවෙයි පිටත ආරක්ෂාවට අමතර දොරවල් තියෙනවා. ඉතින් ගොඩක් අයට වැඩ ලැබෙනවා.

හොරු නිසා ගෙවල්, කඩ සාප්පු, සමිති වටේට සංයෝගයක් හදනවා; ගේට්ටු ඇත. මුරකරුවෙකු ගේට්ටුවේ පැය 24ම රැඳී සිටින අතර මුරකරුට නිල ඇඳුමක් ද ඇත. ඉතින් ගොඩක් අයට වැඩ ලැබෙනවා. සොරුන් නිසා CCTV කැමරා සහ ලෝහ අනාවරක පමණක් නොව සයිබර් සෛල ද පවතී.

සොරුන් නිසා පොලීසිය, පොලිස් ස්ථාන, පොලිස් මුර පොළවල්, මුර කාර්, බැටන් පොලු, රයිෆල්, රිවෝල්වර, උණ්ඩ ඇත. ඉතින් ගොඩක් අයට වැඩ ලැබෙනවා.

හොරු නිසා උසාවි, විනිසුරන්, නීතිඥවරු, ලිපිකරුවෝ, ඇපකාරයෝ උසාවිවල ඉන්නවා. ඉතින් ගොඩක් අයට වැඩ ලැබෙනවා. හොරු නිසා හිරගෙවල්වලට හිරගෙවල්, ජේලර්ලා, පොලීසිය ඉන්නවා. ඉතින් ගොඩක් අයට වැඩ ලැබෙනවා.

ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක, ඉලෙක්ට්‍රොනික උපකරණ, බයිසිකල්, වාහන වැනි දේ සොරකම් කළ විට මිනිසුන් අලුත් ඒවා මිලදී ගනිති. මේ මිලදී ගැනීම සහ විකිණීම රටේ ආර්ථිකය ශක්තිමත් කරන අතර බොහෝ දෙනෙකුට වැඩ ලබා දෙයි. සොරෙකු ඉහළ පිළිගැනීමක් සහ ප්‍රසිද්ධියක් උසුලන්නේ නම්, දෙස් විදෙස් මාධ්‍යවලට ද ජීවනෝපාය ලැබේ.

මේ සියල්ල කියවන ඔබටත් ඒත්තු ගැන්විය යුතුයි හොරු කියන්නේ සමස්ත රාජ්‍ය පද්ධතියේ කොඳු නාරටිය සහ සමාජයේ මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ගයක් බව.

තවදුරටත් ලංකාව වගේ සමහර රටවල මිනිස්සු තමන්ව පාලනය කරන්න හොරු පවා තෝරගන්නේ හොරු කොච්චර වටිනවද කියල. උදාර වෘත්තියට සම්බන්ධ වීම ගැන සලකා බලා ජාතිය ගොඩනැඟීමට උදව් කරන්න.

ජනුද රත්නායක

 

චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් රාජයා දැල්වීම….

ලංකාවේ රාජ්‍ය ආයතනවල බොහොමයක කළමනාකරණ මූලධර්මවල මූලික ම කොටස්වත් හරියට භාවිත වෙන්නේ නෑ. සරලව ම කිව්වොත් මෙන්න මේ සංකල්ප

සඵලදායීතාවය (Effectiveness) – හරි දේ කිරීම

කාර්යක්ෂමතාවය (Efficiency) – හරියට කිරීම

ඵලදායීතාවය (Producttivty) – යෙදවුම් සහ නිමවුම් අතර ප්‍රමාණාත්මක සම්බන්ධය.

ආයතනවල විවිධ වැඩසටහන් සහ උත්සව පැවැත්වෙනවා. බොහෝ විට මේ වැඩසටහන් හෝ උත්සව පැය දෙක දෙකහමාර තුන ආදී කාලවලට තමයි සංවිධානය කරලා තියෙන්නේ. ඒවට හැට හුටහමාරක් අමුත්තෝ සම්බන්ධ වෙනවා.

මුලින්ම බුලත් දීල අමුත්තෝ පිළිගන්නවා ඊට පස්සේ එළඹෙන්නේ පහන් රාජයා පත්තු කිරීමේ දැවැන්ත කාර්යය. ඉතිං අර පිළිගත්ත අමුත්තෝ ඇතුළු සෙට් එක පහන පත්තු කරනවා. ධූරාවලියට (Hierarchy) අනුව. උත්සවයේ තියෙන ලොකුම වැඩේ මේක. උත්සවයට පැය තුනක් ගත්තොත් පැය භාගයක්වත් මේකට යනවා. (උත්සව සංවිධානයේදී විවිධ ආකාරයෙන් යුක්තව මේ පහන හදන්ඩ යොදවන කාලයට අමතරව – පහන හදන එක වඩා විශාල වැඩක්)

මේ ළඟකදී මම එක්තරා ආයතනයක උත්සවයකට සහභාගි වුණා. උත්සව සභාවේ සීයක් විතර හිටියා පහන පත්තු කරන්න හැටකට වඩා ආරාධනා කරා විනාඩි හතළිහකට වැඩිය ගියා.

ඒක එතනින් නතර වෙන්නේ නෑ. ඊළඟට එළඹෙන්නේ පිළිගැනීමේ කතාව, පිළිගැනීමේ කතාවේදී අර ධූරාවලියට අනුව හැමෝගෙන්ම අවසර ගන්නවා. ඊට පස්සේ අර ධූරාවලියට අනුව හැමෝම ආයෙ පිළිගන්නවා. උත්සව සභාවේ අඩුගාණේ කතා පහක්වත් තියෙනවා.

ඔය පස්දෙනාම ආයෙත් අර ධූරාවලියට අනුව හැමෝගෙන්ම අවසර ගන්නවා.

අවසානයේ ස්තුති කතාව.

ස්තුති කතාවෙත් ධූරාවලියට අනුව හැමෝගෙන්ම අවසරත් ගන්නවා, ධූරාවලියට අනුව හැමෝටම ස්තුතිත් කරනවා. මේ ටිකට ගතවෙන කාලය සහ උත්සවයට වෙන්කරපු කාලය අරන් බැලුවොත් හරියට වෙන්නේ අපි සියඹලා ගෙනාවේ නෑ වගේ වැඩක් නැද්ද හා. ධූරාවලියට අනුව අවසර ගනිද්දි අවසර ගැනීමට අමතරව ,ඔය එකිනෙකා එකිනෙකාගේ තනතුරු ටිකත්, නැවත නැවත, නැවත නැවත, ප්‍රමෝට් කරගන්නවා. ආයතනය තුළ දවසකට හතර පස් වතාවක් මොනවා හරි රැස්වීමක් තිබ්බොත් ඔය රැස්වීමවල දීත් අර ධූරාවලි ටික නැවත නැවත පුනරුච්චාරණය කරනවා. ඇත්තටම කරන්න ඕනේ මොනාද කියන එක පිළිබඳ මෙලොව හසරක් නෑ.

මිහිර බණ්ඩාර හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT