Wednesday, April 23, 2025
Home » IVF විශේෂඥ වෛද්‍ය ගීතා හරිප්‍රියා මෙවරත් මෙඩිකෙයාර් හිදී

IVF විශේෂඥ වෛද්‍ය ගීතා හරිප්‍රියා මෙවරත් මෙඩිකෙයාර් හිදී

by yasara
February 25, 2025 11:11 am 0 comment

ප්‍රසිද්ධ IVF විශේෂඥවරියක් වන වෛද්‍ය ගීතා හරිප්‍රියා, පෙබරවාරි 28 වන දින සිට මාර්තු 2 වන දින දක්වා BMICH හිදී පැවැත්වීමට නියමිත Medicare සෞඛ්‍ය ප්‍රදර්ශනයට සහභාගී වේ. වෛද්‍ය ගීතා හරිප්‍රියා දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලාංකික යුවළගේ බලකොටුව වී ඇති අතර ශ්‍රී ලංකාවේ පමණක් ළදරුවන් 4000 කට වඩා බිහි කිරීමට ඔවුන්ට සහාය වී ඇත.

ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින වෛද්‍ය ගීතා හරිප්‍රියා ‘තරුණි’ සඟරාවේ පාඨක හදවත්වලට දෙන සුවිශේෂී පණිවිඩයකි මෙය.

“දරුවන් නොමැතිකම ආබාධයක් පමණි. අත්දැකීම් සහ අති නවීන වෛද්‍ය තාක්ෂණයෙන් මෙය සුවකල හැකි බවට තමිල්නාඩුවේ ප්‍රමුඛතම ප්‍රශාන්ත් IVF මධ්‍යස්ථානය, පසුගිය වසර 35 පුරා ඔප්පු කර ඇත.

“ශ්‍රී ලංකාවේ 1998 සිට එනම් පසුගිය වසර 24 තුළ අපි දරුවන් 4,000 කට වඩා වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ජයගෙන තිබෙනවා. දවසින් දවස අපවෙත පැමිණෙන දේශීය අඹුසැමියන් ප්‍රමාණයට සමාන ශ්‍රී ලාංකික සහ විදේශයන්හී වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ පැමිණීමෙන් ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය මෙන්ම ඔබේ විශ්වාසය තහවුරු කිරීමේ වගකීම අපහට මැනවින් අවබෝධ කරදෙයි.

“විවිධ දුෂ්කරතා මධ්‍යයේ ප්‍රතිකාර සඳහා අප වෙත පැමිණ තම දරු සිහිනය සැබෑ කරගත් ශ්‍රී ලාංකික අඹුසැමියන්ගේ හැඟීම් සතු වගකීම පිලිබඳ ඔවුන් අප තුළ තැබූ විශ්වාසය දෙගුණ කරගෙන ඇත. මේ අවස්ථාවේ දී ඔවුන්ට අපගේ කෘතවේදීත්වය පළ කරන අතරම මම කවරදාටත් වඩා හොඳ සේවාවක් සැපයීමට කැපවී සිටින බව ඔබට සහතික වෙමි.

“එහි කොටසක් ලෙස මේ මස 28 වන දින සිට මාර්තු 2 වන දින දක්වා BMICH හිදී පැවැත්වීමට නියමිත Medicare සෞඛ්‍ය ප්‍රදර්ශනයට සහභාගී වෙමි. දරුවෙකු පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන අඹුසැමියන් හමුවී නොමිලේ උපදේශන ලබාදීමට බලාපොරොත්තු වෙමි. සෑම කාන්තාවක්ම මවක් වීමට සිහින දකියි. එම සිහිනය කරා යන්නේ කෙසේද යන්න සහ මේ පිළිබඳව ඔබට ඍජුවම පැහැදිලි කිරීමක් ලබා දීම සඳහා ඔබ සැම හමුවීමට බලාපොරොත්තු වෙමි. සෞඛ්‍ය ප්‍රදර්ශනය පිළිබඳ තොරතුරු 0754000012 සහ 0777215588 ඇමතීමෙන් ලබාගත හැකිය.

“වඳභාවය යනු ලොව පුරා වර්ධනය වෙමින් පවතින ප්‍රධානම කායික ගැටලුවලින් එකකි! කෙසේ වෙතත්, සංස්කෘතිමය  වශයෙන් මෙය ආසියාතිකයන්ට ප්‍රධාන ගැටලුවකි.ආසියානු ජාතිකයන් කොතැනක සිටියත් ඔවුන් කුමන රටකට සංක්‍රමණය වුවත් ඔවුන්ගේ ජීවිතවලට මෙම ගැටලුව බෙහෙවින් බලපායි.

“ආහාර රටාව,රැකියා ආතතිය, මානසික ආතතිය ඇතුළු ජීවන රටාවන්වල වෙනස්කම් සහ දුම්පානය, මත්පැන් පානය, මත්ද්‍රව්‍ය භාවිතය වැනි පුරුදුද ඇතැම් කායික ආබාධද වර්තමාන පරම්පරාවේ වඳභාවයට හේතු වේ.මෙහි කණගාටුදායකම කරුණ නම් නොදැනුවත්කම නිසා මදසරු බව කරා ඇදෙන අඹුසැමියන් සංඛ්‍යාවද අධික වීමයි!

උදාහරණයක් වශයෙන් දිගු වේලාවක් යට ඇඳුම් පැළඳ සිටීම,උණුසුම් ස්ථානවල දිගු වේලාවක් වැඩ කිරීම,දිගු වේලාවක් තද ඇඳුම් පැළඳ සිටීම වැනි සාමාන්‍ය පුරුදුද වඳභාවයට හේතු වේ.

“තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග ගැටලුවලින්ද වඳභාවයට ලක්වූවන් සිටී. නමුත් මොහුන් මේ පිළිබඳව දැනුවත්ව නැත.

“පෙර කාලයේ කාන්තාවන්ට ස්වාභාවිකවම පිළිසිඳගැනීමකට වයස අවුරුදු 35ක් වනතුරු බලා සිටිය හැකි. නමුත් මේ වනවිට මෙම වයස් සීමාව පටු වී ඇති අතර, වයස අවුරුදු 28න් පෙර එනම් සාමාන්‍යයෙන් විවාහ වී එක් වසරක් තුල දරු ප්‍රසූතියක සලකුණු නොමැතිනම් වහාම වෛද්‍ය  පරීක්ෂණයකට ලක් කිරීමට උපදෙස් දෙනු ලැබේ.එනමුත් එම උපදෙස් නොසලකා හරින බොහෝ දෙනෙකුට දරුවෙකු පිළිබඳ ආශාවක් ඇතිවන්නේ වයස අවුරුදු හතළියෙන් පසුවයි.කෙසේවෙතත් අපගේ රෝහලේ විශේෂත්වය වන්නේ අපහට ඔහුන්ට සාර්ථකව ප්‍රතිකාර කල හැකි වීමයි! ලෝකයේ සංවර්ධිත රටවල්වල හඳුන්වා දෙන නවීනතම ප්‍රතිකාර ක්‍රම බොහෝ විට තමිල්නාඩුවට- සමහර විට ඉන්දියාවට හඳුන්වා දුන්නේ අපයි.

“සම්පූර්ණයෙන්ම අති නවීන උපකරණ භාවිතා  කරමින් ප්‍රතිකාර සපයන්න අප Hi-Tech IVF නමින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා .ඒවා අතර Embryoscope, Embryo glue, Laser hatching, 40 X zoom කැපී පෙනෙන නවීන දියුණුව වේ.

“ඩිම්බය සහ ශුක්‍රාණු ඒකාබද්ධ කිරීමෙන් පසු ඒ මිශ්‍රණය කලලයක් ලෙස වර්ධනය  කිරීමට ‘එම්බ්‍රියෝස්කෝප්’ නම් උපකරණය ඉතා අගනේය.එහි ඇතුළත උෂ්ණත්වය කාන්තාවකගේ පැලෝපීය නාලයේ උෂ්ණත්වයට සමාන වේ.තවත් ‘එම්බ්‍රියෝස්කෝප්’ තුළ තැන්පත් කර ඇති කලලය වර්ධනය වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා එහි ඇතුලත සියුම් කැමරා සවිකර ඇත.මේවා සෑම විනාඩි විස්සකට වරක්ම කලලයේ ඡායාරූප ලබා ගනී.

එම්බ්‍රියෝස්කෝප් පරිගණකයක් මඟින් පාලනය වන බැවින් ඉහත කී කැමරාවලින් සටහන්වන ඡායාරූප මත පදනම්ව කලලය පලමුවන ශ්‍රේණිය, දෙවන ශ්‍රේණිය, තුන්වන ශ්‍රේණිය ලෙස වර්ගීකරණය කර හොඳම ප්‍රථිඵල දිය හැකි කලල හඳුනා ගනී.මේ අනුව උසස් තත්ත්වයේ කලලයක් හඳුනා ගෙන ප්‍රතිකාර සමඟ ඉදිරියට යාමට හැකි වේ.කලලයේ පිටත ස්ථරය අසාමාන්‍ය ලෙස ඝන වන කාන්තාවන්ට හොඳම ප්‍රතිකාරය Laser Hatching වේ.

“මෙමඟින් කලලයේ විවරයක් නිර්මාණය කර ඒ මඟින් එහි පිටත ස්ථරය වෙත ගොස් එය මෘදු කරයි.නමුත් මෙයින් ගබ්සා වීමේ සම්භාවිතාව වැඩි කරයි.’Embryo Glue’ ගබ්සාවන්ට මුහුන දෙන කාන්තාවන්ට ආශිර්වාදයක්! ‘එම්බ්‍රියෝස්කෝප්’ හි ඇති කලලය ගර්භාෂයට මාරු කිරීමට ප්‍රථම මෙම මැලියම් කලලයට ගානු ලැබේ.මේ නිසා කලලය ගර්භාෂ බිත්තියට හොඳන් අනුගත වේ.

“වඳභාවයට පිරිමින්ගේ දායකත්වද දැන් වැඩිවෙමින් පවතී.වඳභාවයට පත්වූ පිරිමින් මුහුන දෙන ප්‍රධාන ගැටලුවකි ‘Azoospermia.’ ’40 X zoom’ එවැනි ගැටලු වලින් පෙළෙන  පිරිමින් සඳහා වේ.මෙහිදී ඔහුන්ගේ වෘෂණ කෝෂයේ අභ්‍යන්තර බිත්තියේ කැපුමක් සිදු කර එයින් පටක සාම්පලක් ලබා ගනී.එම පටක සාම්පලය හතළිස් ගුණයකින් විශාලනය කර බලා එහි ඇති ශුක්‍රාණු හුදකලා කර ගනු ලැබේ. එලෙස ලබාගන්නාවූ ශුක්‍රාණු පිරිසිදු  කර ප්‍රමාණවත් ලෙස පෝෂණය ලබා දී ශක්තිමත් කිරීමෙන් පසු එම ශුක්‍රාණුව සමඟ IVF ක්‍රියාවලිය ආරම්භ කරනු ලැබේ. “මගේ ශුක්‍රාණු වලින් මගේ දරුවා බිහිවිය යුතුයි” යැයි කැමැත්තෙන් සිටින පිරිමින්ට මෙය සැබැවින්ම ආශිර්වාදයක්!

“සියුම් උපකරණ මඟින් ගැටලුව නිවරැදිව සොයා දැනගෙන සුදුසු ප්‍රතිකාර තෝරා ගෙන අති නවීන උපකරණ මඟින්, පළපුරුදු වෛද්‍යවරුන් සමඟ ප්‍රතිකාර ලබා දීමෙන් ඉහළ සාර්ථකත්ව අනුපාතයක් අඛණ්ඩව ලබා දීමට අපට හැකි වේ. ඉතින්, ‘මට දරුවෙක් නැහැ’ කියා සිත් බිඳීමෙන් නොසිට උත්සහ කළොත් ඔබටත් දරුවෙක් ලැබෙන බව කිසැකයි.

“සෞඛ්‍ය ප්‍රදර්ශනය පිළිබඳ තොරතුරු 0754000012 සහ 0777215588 ඇමතීමෙන් ලබාගත හැකිය.

“ඔබ සියලු දෙනාගේ දරුඵල සිහින ඇතුළු සියලු සිතුම් පැතුම් ඉටු වේවායි ප්‍රාර්ථනා කරමි!”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT