Monday, April 21, 2025
Home » ජනතාවගේ ජීවිත අනාරක්ෂිත වෙලා

ජනතාවගේ ජීවිත අනාරක්ෂිත වෙලා

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
February 24, 2025 2:18 am 0 comment

රට පුරා සිදු වන ඝාතන සංස්කෘතිය තුළ රටේ ජනතාවගේ මෙන්ම මහජන නියෝජිතයන්ගේ ජීවිත සම්බන්ධයෙන් අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (22) ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය.

“මේ හේතුවෙන් ජන සමාජයේ සියලු දෙනා දැඩි පීඩනයට සහ අසහනයට පත්ව තිබෙනවා. එනිසා මේ පිළිබඳව නීතිය හා සාමය භාර ඇමැතිවරයා විසින් ප්‍රකාශයක් සිදු කළ යුතුයි. දරු පරපුර සහ ජන සමාජයේ ආරක්ෂාව තහවුරු වන විධිමත් සැලසුමක් ඉදිරිපත් කරන්න. විනිසුරුවන්ගේ සහ නීතිඥවරුන්ගේ පවා ආරක්ෂාවට බලපෑම් වී තිබෙනවා. මේ කෙරෙහි අවධානය යොමු කරන්න.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT