මෙරට පුහුණු ශ්‍රමිකයන්ට සිරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේත් සිරියාවේත් අවධානය යොමු වී තිබේ.
සිරියාවේ වෙළෙඳ ඇමැති කලින් අල් හසාන්, වාණිජ ඇමැති අබ්දුල් හස්නන්, කම්කරු හා සමාජ සුබසාධන ඇමැති යයිඩ් අල් කාසීම් මහත්වරුන් සහ ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතා අතර සිරියාවේ ඩමස්කස් නුවරදී පසුගියදා පැවැති සාකච්ඡාවක දී මේ කරුණු අනාවරණය වී ඇත.
ඊට අමතරව ශ්‍රී ලංකාව සහ සිරියාව අතර වෙළඳාම හා දෙරටේ ආර්ථික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද දෙරටේම අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ තේ සඳහා සිරියාව තුළ විශාල වෙළඳපොළක් පවතින අතර එය තවදුරටත් පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
දෙරටේම සංචාර කර්මාන්තය දියුණු කර ගැනීම හා දෙරටේ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාව සහ සිරියාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.