ප්‍රධාන පෙළේ විද්‍යාඥයකු වන මහාචාර්ය සුරේෂ් බෙන්ජමින් මහතා නව මකුළුවන් හයදෙනකු මෙරටින් හඳුනා ගෙන තිබේ. Palp-footed වර්ගයට අයත් මේ මකුළුවන්ගෙන් තිදෙනකුට මෙරට ගැමි ජීවිතය අළලා ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත ”Village in the Jungle කෘතියේ සිංහල පරිවර්තනය වන බැද්දේගම නව කතාවේ ප්‍රධාන චරිත ලෙස ගැනෙන සිළිඳු සහ ඔහුගේ දියණියන් වන පුංචි මැණිකා සහ හින්නිහාමි යන නම් තබා ඇත.
සිළිඳු කැළේ දඩයම් කිරීමෙන් දිවි ගලවා ගන්නා ගොවියකු වන අතර සිළිඳු මෙන් ඔරොත්තු දීමේ හැකියාවක් ඇති, නොපෙනී සැඟව සිටින නමුත් පරිසරයට තීරණාත්මක බලපෑමක් එල්ල කරන මකුළුවාට Palpimanus silindu (පැල්පිමනුස් සිළිදු) ලෙස නම් තබා ඇත. සමාජයේ නපුරුකම්වලට ගොදුරු වන සිළිඳුගේ දියණියන් වන පුංචිමැණිකාගේ සහ හින්නිහාමිගේ නම්වලින් පිළිවෙළින් අනෙක් මකුළුවන් දෙදෙනා Steriphopus punchimenikae සහ Steriphopus hinnihamiae ලෙසින් නම් කර තිබේ.
සිව්වැනි මකුළුවා, Steriphopus woolfi ලෙස නම් කර ඇති අතර එය වුල්ෆ් විසින් ගැමි ජනතාව මුහුණ දෙන අරගලය ගැඹුරින් වටහාගෙන නවකතාවට අව්යජත්වයක් ලබා දීම වෙනුවෙන් බව මහාචාර්ය බෙන්ජිමන් මහතා පවසා ඇතැයි පුවත්පත් වාර්තාවල දැක්වේ. අනෙක් මකුළුවන් දෙදෙනාගෙන් එකකු එම සතුන් සොයා ගත් රිටිගල ප්‍රදේශය අනුව Steriphopus ritigalensis ලෙස නම් කර තිබෙන අතර හයවැන්නා S. spiralus ලෙස නම්කර තිබේ.
සුභාෂිණී සේනානායක