සය මසක සිර දඬුවම් නියමවීමෙන් බන්ධනාගාර ගත කළ මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ කළමනාකරුවකු සිර දඬුවම් කාලය නිම වීමෙන් පසු නිදහස් කර තිබේ.
පෙරේදා (22) දිනයේ නිදහස ලැබීමෙන් පසු ඔවුන් වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගිය බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී දිසානායක මහතා පැවසීය.
සිර දඬුවම් නියමවී බන්ධනාගාරගත කරන සිරකරුවකුගේ අදාළ සිරකාලය අඩුවී ගෙවීයාමේ ක්‍රමවේදය අනුව සය මසක සිර දඬුවම් කාලය සිවු මසකින් නිම වී තිබේ.
රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට සහ එම සමාගමේ කළමනාකරුවකුට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මාස 6ක සිර දඬුවම් නියම විය.
බුද්ධිකා ඉඹුලාන