මහවැලි ජනපද අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව නැංවීමට මාළු පැටවු ලක්ෂ 15ක් මහවැලි සී කලාපයේ වැව් දහයකට මුදාහැරීම පසුගියදා සිදු කෙරිණි.
එහිදී මහවැලි සී කලාපය ආශ්රිත ආදීවාසී ජනයා ජීවත්වන හෙනානිගල ප්‍රදේශයේ හෙනානිගල වැව මෙන්ම රත්කිඳ, අළුයටවල වැව, බෙලන්ගස් වැව, පරගස්වැව, උල්පත් වැව, වීරලන්ද වැව, මල්දෙණිය වැව සහ කාසන් වැව්වලට මේ මාළු පැටව් මුදා හැරියේය.
මාළු පැටව් මුදා හැරීමෙන් වැව් ආශ්රිත ධීවර කටයුතු කෙරෙන ධීවර ජනතාවගේ ආර්ථිකය නංවාළීමද එක් අරමුණකි. මේ වැව් ආශ්රිත ධීවර කටයුතුවල නියැළෙන පිරිස 687ක් වන අතර ඉන් යැපෙන සංඛ්‍යාව 3500ක් පමණ වේ. මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්.එම්. ආර්. හේරත් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
බුද්ධිකා ඉඹුලාන