මහා විහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක හිමියන් ප්‍රමුඛ සානු නායක කාරක මහා සංඝ සභාව මඟින් ධර්ම කීර්ති ශ්‍රී නන්දාලෝක යන ගෞරව නාමය සහිතව සබරගමුව පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ශ්‍රී විමලාරාම මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති මුත්තේට්ටුපිට විමලකිත්ති හිමියන් වෙත කෝට්ටේ රජමහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී පසුගියදා පිරිනැමිණ.කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර මහ නාහිමි, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අග්ගමහා පණ්ඩිත කොටපිටියේ ශ්‍රී රාහුල අනුනායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ගිහි කාරකාදිකාරීන්ගේ ද සහභාගිත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.
64