Home » රොඩ්නි විදානපතිරණ ලියූ ‘නළුවෙල ආනන්ද නාහිමි’ ග්‍රන්ථය මුම්බායිහිදී දොරට වඩී

රොඩ්නි විදානපතිරණ ලියූ ‘නළුවෙල ආනන්ද නාහිමි’ ග්‍රන්ථය මුම්බායිහිදී දොරට වඩී

by sachintha
February 24, 2025 1:52 am 0 comment

ප්‍රවීණ මාධ්‍යවේදී රොඩ්නි විදානපතිරණ විසින් ලියන ලද ‘මහරාෂ්ට්‍රයේ දහම් පහන් ටැඹ-නළුවෙල ආනන්ද නාහිමි මතක සටහන්‘ ග්‍රන්ථය දොරට වැඩීම පසුගියදා ඉන්දියාවේ මුම්බායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සිදු කෙරිණ. ග්‍රන්ථය නළුවෙල ආනන්ද නාහිමියන්ටත්,ඉන්දියාවේ රාහුල් රතන හිමියන්ටත්, මුම්බායිහි වැඩ බලන කොන්සල් ජනරාල් ශිරාණි ආරියරත්න මහත්මියටත් පිළිගැන්විණි. නළුවෙල ආනන්ද නාහිමියන් ශ්‍රී ලංකාවේ උපත ලබා බද්දේගම විමලවංශ නායක හිමියන් යටතේ පැවිදි වී මුම්බායට ගොස් ධර්ම ප්‍රචාරයේ යෙදුණු ප්‍රකට හිමිනමකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT