පසුගියදා විදුලිය විසන්ධි වීම නොසලකා හැරීමක් හෝ කඩාකප්පල් කිරීමක් නොවන බව මූලික විමර්ශනවලින් අනාවරණය වූ බව බලශක්ති ඇමැති, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (22) පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සඳහා අභ්‍යන්තර විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා. එහි පූර්ණ වාර්තාව ඉදිරියේදී ලැබීමට නියමිතයි. උසස් පෙළ විභාගය ලියනවිට විදුලි බලය කප්පාදු කිරීමක් කරන්නේ නෑ. පසුගිය කාලයේ පැය දාහතරක් විදුලිය කප්පාදු කළා. වත්මන් ආණ්ඩුව එතැනට ගෙන යන්නේ නෑ.”