සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කළ පොහොර ගබඩාවක් වෙනුවෙන් ප්‍රාරම්භක වියදමක් ද දරා තිබියදී රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස්වීම හේතුවෙන් ඉදිකිරීම් සම්පූර්ණයෙන් නැවතී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
පොහොර සමාගමට අයත් හම්බන්තොට පිහිටි බදු ඉඩමක මේ ගබඩාව ඉදිකිරීම ආරම්භ කර ඇත්තේ 2018 වසරේදීය. ගබඩාවක් ඉදිකිරීම වෙනුවෙන් රු 3732,901ක ප්‍රාරම්භක වියදමක් දරා තිබිණි.නමුත් ඊට අදාළ ඉදිකිරීමක් කර නැති බව ජාතික විගණන කාර්යාලය පොහොර සමාගම සම්බන්ධයෙන් 2024 මාර්තු 31 වැනි දිනට අදාළව නිකුත් කළ වාර්තාවක දැක්වේ.
හම්බන්තොට පිහිටි මේ ඉඩමේ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද රාජ්‍ය ප්‍රතිපත්තියේ සිදු වූ වෙනස්වීම් මත ඒ කටයුත්ත නැවතී ඇතැයි කළමනාකාරීත්වය විගණනයට අදහස් දක්වා ඇත.මේ ගැටලුව පිළිබඳව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන අතර ඒ අනුව ඉතා කඩිනමින් ගැටලු නිරාකරණය කිරීමට පියවර ගන්නා බවත් කළමනාකාරීත්වය සඳහන් කර තිබේ.
රන්මලී සෝමසිරි