Sunday, April 20, 2025
Home » වවුලන්ගෙන් මිනිසාට පැතිරෙන නව කොරෝනා වයිරසයක් චීනයෙන් හමුවෙයි

වවුලන්ගෙන් මිනිසාට පැතිරෙන නව කොරෝනා වයිරසයක් චීනයෙන් හමුවෙයි

by sachintha
February 24, 2025 1:27 am 0 comment

කොවිඩ් වයිරසයට සමානව සත්ත්වයන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් සහිත නව කොරෝනා වයිරසයක් චීනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබූ බව සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. වවුලන්ගෙන් සම්ප්‍රේෂණය වන බව කියන එම නව වයිරසය සොයාගෙන ඇත්තේ වයිරස් පිළිබඳ පර්යේෂණ සිදු කරන ෂී ෂෙංග්ලි නමැති විද්‍යාඥවරියගේ ප්‍රධානත්වයෙන් යුතු වයිරස් පර්යේෂණ කණ්ඩායමක් බව ද සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ගුවැංෂූ විද්‍යා ඇකඩමියේ සේවයේ නිරත එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි ෂී ෂෙංග්ලි පසුගිය කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ බව කියන වූහාන් නුවර කේන්ද්‍ර කරමින් පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ප්‍රකට විද්‍යාඥවරියක බවත්, කොවිඩ් වයිරසය පිළිබඳ ඇය විසින් සිදු කළ පර්යේෂණ හේතුවෙන් ‘බැට් වුමන්‘ අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන බවත් එම පුවත් සේවය සඳහන් කළේය.

නව වයිරසය HKU5 නමින් හඳුන්වා දී ඇති අතර, මේ පිළිබඳ වැඩිදුරටත් අධීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බව ද සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT